වතු කම්කරුවන්ගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

0
2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) දින උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අවට වතුයායේ වතුකම්කරුවන් හමු වී සාකච්ඡා කළේය.

ජනාධිපතිවරයා එම ස්ථානය පැමිණිමත් සමගම වතු කම්කරුවන් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළි ගැනිමෙන් අනතුරුව තමන්ගේ වැටුප වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ස්තූතියද පුද කරනු ලැබීය.

මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක මහතා තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here