වත්කම් බැරකම් ගැන කියන්න අලුත් ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හෙට සිට

0
3

මෙරට පුද්ගලයන්ගේ “වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය” හෙට (31) දිනයේදී විවෘත කෙරෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ හෙට පෙ.ව. 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව බවයි.

මේ දක්වා ශ්‍රී ලංකාව තුළ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සිදු වූයේ මුද්‍රිත ආකෘති පත්‍ර අතින් සම්පූර්ණ කිරීම මගින් වන අතර, මෙම නව පද්ධතිය හුදෙක් පෝරමයක් මාර්ගගතව (Online) සම්පූර්ණ කිරීමක් පමණක් නොව, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමක් බව කොමිෂන් සභාව පෙන්වා දෙයි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේදී සිදුවිය හැකි සාවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම් මෙන්ම අසාමාන්‍ය ලෙස වත්කම් රැස් කිරීමේ තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සත්‍යාපන පහසුකම් (Verification facilities) ද මෙහි අන්තර්ගත කර ඇති බව එම කොමිසම වැඩිදුරටත් පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here