ගල්කිරියාගම – හිඟුරුවැල්පිටිය ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටි මව් කෙනරක හා අලිපැටවකු ඉන් ගොඩ ගෙන යළි රක්ෂිතයට පලවා හැරිමේ මෙහෙයුමක් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.
ආහාර සොයා යමින් සිටිය දී එම අලිමව හා පැටවා මෙලෙස වගා ළිඳට වැටී ඇති බවටයි වන සත්ත්ව අඩවි නිලධාරීන් සැක පළ කරන්නේ.
මව් කෙනෙර වයස අවුරුදු 25ක් පමණ වන්නියෙකු වන බවත් පැටවාට අවුරුද්දක් පමණ වන බව ද වාර්තා වනවා.
ජේසීබී යන්ත්‍රයක සහායෙන් පැය එකහමාරක පමණ කාලයක් මහත් පරිශ්‍රමයක් දරා මව් කෙනෙර සහ අලි පැටවා ගොඩට ගත් බවයි පැවසෙන්නේ.
Saru FM Media