වංචාවෙන් සහ දූෂණයෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් කැපවීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එමෙන්ම රට ගොඩනැගීම සඳහා ගොවි ජනතාවගේ සහය අවශ්‍ය බවයි කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.
මේ අතර තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැළිය අමතමින් පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව විදුලි ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බවයි.
මේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
Saru FM Media