ලෝක ළමා දිනයේ ශිෂ්‍යයකුගේ පහරදීමෙන් මොනරාගල මහානාමයේ ගුරුවරයෙක් රෝහලේ

0
1

ලෝක ළමා දිනය යෙදුන ඊයේ (ඔක්තෝබර් 01 දා) මොනරාගල මහානාම ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයකු පහරදීමෙන් ගුරුවරයකු රෝහල් ගතකර ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි.

ලෝක ළමා දිනය නිමිත්තෙන් මොනරාගල ජාතික පාසලේ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සහභාගී

වන ළමයින් රැස්වීම් ශාලාව වෙත යැවීමට සූදානම් කරමින් සිටියදී එක් ශිෂ්‍යයකු ජංගම දුරකථන චාර්ජ් කරන පවර් බෑන්ක් එකක් සාක්කුවේ දමාගෙන සිටිනු දුටු ගුරුවරයා එය ලබාගෙන මෙහි ජංගම දුරකථනය කොහේදැයි විමසා ඇත. ඒ අවස්ථාවේ ශිෂ්‍යයා ගුරුවරයාට පරුෂ වචනයෙන් බැණ ඇති අතර ගුරුවරයා විසින් සිසුවා අංශභාර ගුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට කැඳවාගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ශිෂ්‍යයා ගුරුවරයාගේ

කම්මුලට පහරදී තිබේ. පහරදීමෙන් පසු සිසුවා පාසලෙන් පලාගොස් ඇත. පසුව ගුරුවරයා විසින් ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත්කොට ප්‍රතිකාර ගැනීම සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ ආර්. ඒ. ප්‍රියදර්ශන නමැති ගුරුවරයා පැවසුවේ “තමා සිසුවා සන්සුන් කිරීමට උත්සාහ ගත්තත් අවනත නොවූ ශිෂ්‍යයා තමාට පහරදුන් බවයි. මොනරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here