ලෝක වෙළෙඳපොළ ගැන අනාවැකියක්

0
13


ඇමරිකා ජනාධිපතිවරයා අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ කඩා වැටීමකට ලක්වනු ඇතැයි අනාවැකි පළවනවා.

එය ගෝලීය වෙළඳ යුද්ධයක් පිළිබඳව අනාවැකි පළ කරන්නක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

අද දිනය ඇමරිකාවේ විමුක්ති දිනය ලෙස නම් කර තිබෙනවා.

මේ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ පැවසුවේ ට්‍රම්ප්ගේ තීරුබදු අද එළිදැක්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන බවයි.

දශක ගණනාවක් තිස්සේ තීරුබදු වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙසයි රිපබ්ලිකන් නායක ජනපති ට්‍රම්ප් සැලකෙන්නේ.

පසුගිය සඳුදා රාත්‍රියේ ඔහු පැවසුවේ තමා සැලැස්මක් මත මෙය ඉදිරිපත් කරන බවයි.

එහෙත් එහි විශේෂතා පිළිබඳ හෙළිකළේ නැහැ.

කෙසේ වෙතත් අනෙකුත් රටවල් ඇමරිකාවෙන් අය කරන ප්‍රමාණයට වඩා තීරුබදු අඩු වනු ඇති බව ඔහු කියා සිටියා.

අද එරට වේලාවෙන් සවස 4 ට ට්‍රම්ප් මේ බව නිල වශයෙන් දැනුම් දෙනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here