ලෝක විවාහක රූ රැජින  තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගත් සබීනා දිවයිනට

0
2

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී , එහි තුන් වන ස්ථානය මෙන්ම මෙම තරගාවලියේ  (  Mrs. Photogenic  ) රූ රැජින ලෙස ද කිරුළු පළන් සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය .

මෙම තරගාවලිය , ලෝකයේ රටවල් 60 ක තරගකාරියන් ගේ සහභාගීත්වයෙන් ඉකුත් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පවත්වා තිබුණි .

සබීනා යූසෆ් මහත්මිය අද අලුයම 02.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ” ගෝල්ඩ් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ තිබුණි .

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here