ලෝක රූ රැජින තරඟයට ගිය අනුදිගේ නම පාර්ලිමේන්තුවේදීත් රැව් දෙයි

0
4


විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත තුන්වන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. 

ඒ, ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතවයි. 

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. 

අද දිනයේදී සම්මත වූ එම පනත් කෙටුම්පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පස්වරුවේ සිය සහතිකය සටහන් කර තිබෙනවා. 

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 06 දරණ විදේශ ණය ඉවත් කිරීමේ පනත වශයෙන් බලාත්මක වන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කළේ. 

මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයද අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. 

එම විවාදය ආරම්භ කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අදහස් පළ කළේ මෙලෙසයි. 

Neth Sound · PRL HARSHANA 01

විපක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට එක් විය යුතු කරුණු සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා. 

Neth Sound · PRL AJITH 06

මෙම විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තුෂාරි ජයසිංහ මෙවර ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ අනුදි ගුණසේකර සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. 

Neth Sound · PRL THUSHARI 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here