ග්‍රාමීය, නාගරික ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් හිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය කියා සිටී,
ඒ අනුව, ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් මෙම මූල්‍යාධාරය පිරිනමා ඇති අතර අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් විසින් සිදුකර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේල තෝරාගත් ප්‍රදේශවල කෘෂි ආහාර නිෂ්පාදකයන්ගේ ඵලදායීතාවල වෙළෙඳපොළ ප්‍රවේශය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට නියමිතය.
සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක් වන අතර ඉන් ඩොලර් මිලියන 100 ක් ලෝක බැංකුව විසින් ලබා දෙන බවයි වැඩිදුරටත් සඳහන්වේ.
Saru FM Media