ලෝක ගුරු දිනය අදයි

0
2

ලොව පුරා සිටින සියලුම ගුරුවරුන් සැමරීම සඳහා වන ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබේ.

එය සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දින පවත්වන අතර 1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීයව  ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වෙනිදා යොදාගෙන ඇත.

මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වී ඇත්තේ “ඉගැන්වීම සහයෝගී වෘත්තියක් ලෙස නැවත සකස් කිරීම” යන්නයි.

ගරු කිරීමට සුදුසු තැනැත්තා ගුරුවරයා වන අතර සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයටද පත්වන එකම තැනැත්තාද ගුරුවරයා ද වේ.

අද දිනට යෙදී ඇති ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් 06 එනම් හෙට (06) දින සමරනු ලබයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර ඇත්තේ මෙවර දීපව්‍යාප්තව මෙරට සමරනු ලබන ගුරු ගුණ සැමරුම් උත්සවවලදී පිදුම් ලබන ගුරු භවතුන් සියල්ලන්ටම තමන් හෘදයාංගමව සුබ පතන බවය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිවරිය පෙන්වා දෙන්නේ අධ්‍යාපන පද්ධතියේ නව පරිවර්තනීය ගමනේ අර්ථවත් මගක් සැලසුම් කරමින්, “ගුරු හඬට සවන් දී ගුරුවරුන් අගයන අතරම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවතක ඉදිරියට” යන්නට රජය විසින් පියවර ඔසවා ඇති බවත් ඇය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here