ලෝක ඉතිහාසයේ විශාලතම ගුවන් හමුදා බළඇණිය යොදවයි… – Saru News | සිංහල

0
15

ඉරාන භූමියට ඉහළින් පියාසර කරමින් තිබියදී ප්‍රහාරයට ලක් වූ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F15E අති නවීන ප්‍රහාරක යානයේ සිටි ගුවන් භටයින් දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ලෝක ඉතිහාසයේ විශාලතම ගුවන් හමුදා බළඇණිය යෙදවූ බව ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපති හෙළි කර තිබේ.

ඊයේ (06) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රියේ ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් යානා 155ක් මෙම මෙහෙයුම සඳහා යෙදවූ බවය.

බෝම්බ හෙළන යානා 04ක්, ප්‍රහාරක ජෙට් යානා 64ක්, ඉන්ධන පිරවීමේ යානා 48ක් සහ මුදා ගැනීමේ ගුවන් යානා 13ක් ඇතුළු බළඇණියක් වූ බව හෙළි කරනු ලැබීය. පැය 36ත් 44ත් අතර කාලයක් තුළ මෙම මෙහෙයුම දියත් කර තිබිණි.

විදේස මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙහෙයුමේදී ඉරාන භූමියට ගොඩ බස්සන ලද C130 යානා දෙකක් ඇතුළු හෙලිකොප්ටර් සහ මුදවා ගැනීමේ යානා 06ක් මෙම මෙහෙයුමේදී ඇමරිකාවට අහිමි වී ඇත. මේ අතර ඇමරිකාව සමග ගිවිසුමකට එක් නොවන්නේනම් ඉරානය මුළුමනින්ම විනාශ කර ගල් යුගයට යවන බවට දී තිබූ අවසන් කාලය හෙට (08) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06ට අවසන් වීමට නියමිතය.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here