ලෝක ආහාර මිල ගණන් ගැන FAO නවතම අනාවරණයක්

0
4

මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මාර්තු මාසයේදී ලෝක ආහාර මිල ගණන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ඉහළම අගය වාර්තා කර තිබේ.

මෙම යුද ගැටුම් තවදුරටත් දින 40කට වඩා පැවතුනහොත් සහ ඉන්ධන හා පොහොර වැනි නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතුනහොත්, ගොවීන් වගා කටයුතු සීමා කිරීමට පෙළඹිය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනතුරු අඟවා ඇත. 

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මෙය මෙම වසරේ ආහාර සැපයුමට මෙන්ම ඉදිරි වසරේ ආහාර සැපයුමට සහ භාණ්ඩ මිල කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, ගෝලීය ආහාර මිල දර්ශකය පෙබරවාරි මාසයට වඩා 2.4%කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සීනි මිල 7.2%කින් සහ එළවළු තෙල් මිල 5.1%කින් ඉහළ ගොස් ඇති අතර, තිරිඟු මිල ද 4.3%කින් ඉහළ ගොස් තිබේ. 

එමෙන්ම අස්වනු නෙළන කාලය සහ ආනයන ඉල්ලුම දුර්වල වීම හේතුවෙන් සහල් මිල 3.0% කින් පහළ වැටී ඇති බවද සඳහන්.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here