ලෝකයේම අවධානය යළිත් ශ්‍රී ලංකාවට

0
20


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ලෝකයේ විශේෂ අවධානයක් යොමු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය තුළ පළවන ප්‍රවෘත්ති තුළින් තහවුරු වී තිබේ.

“සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” නම් සංකල්පය මත ඉන්දීය ආයෝජන ව්‍යාපෘති ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට මුල පිරීම ඇතුළු ද්විපාර්ශවීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු රැසක් සම්බන්ධයෙන් නව මුල පිරිමක් එම සංචාරයෙන් සිදු කිරීමට නියමිත ය.

ඉන්දීය අගමැතිවරයා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණෙන අතර, ලබන ඉරිදා දක්වා මෙරට තුළ රැඳී සිටී. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය හෙට පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here