ලොව මෙතෙක් බිහිවූ රූමත්ම කාන්තාවන්

0
15


කාන්තාවක් කියන්නේ ස්වභාවධර්මයේ සුන්දර නිර්මාණයක්.හැම කාන්තාවකටම තමන්ට ආවේණික වූ සුන්දරත්වයක් තියෙනවා. අතීතයේ ඉඳලාම කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන කතා බහට ලක්වෙලා තියනවා.මේ ලිපියෙන් ඔබට කියන්නේ මෙතෙක් ලෝකයේ බිහිවූ ලස්සනම කාන්තාවන් කීප දෙනෙක් ගැනයි

ඉතිහාසයේ සිටි ඉතා රූමත්ම කාන්තාවක් ලෙස ක්ලියෝපැට්‍රා රැජිණ ප්‍රසිද්ධියක් උසුලනවා.පුරාණ ඊජිප්තු රැජිණක් වන ඇය අදටත් බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙන සුරූපිනියක්.ග්‍රීක සම්භවයක් ඇති ටොලමියානු රාජවංශයේ සාමාජිකාවක් වන ඇය තමන් ඊජිප්තු දෙවඟනක් වූ “අයිසිස් ” දෙවඟනගේ නැවත උපතක් බව පවසා ඇත. බොහෝ කලා නිර්මාණ , නාට්‍ය සඳහා පාදක වී ඇති ඇගේ රූපය ඇගේ මරණින් පසුවද එලෙසෙම කතා බහට වීම සුවිශේෂී කරුණකි

1503 දි උපත ලද ඇය අරගොන්හි මරියා සහ පෘතුගාලයේ පළමුවන මැනුවෙල්ගේ දියණියයි.ප්‍රීතිමත් ළමා කාලයක් ගත කළ ඇය උගත් බුද්ධිමත් තරුණියක් වූවාය. 1526 දී ඇය ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයා වන පස්වන චාල්ස් සමඟ විවාහ වූ අතර ඉන්පසු ස්පාඤ්ඤයේ රැජින බවට පත්විය.

බාරෝඩා හි ඉන්දිරා රාජේ කුමරියගේ සහ පුරාණ ඇසෑම් හි කොච් රාජවංශයේ ජිතේන්ද්‍ර නාරායන් කුමරුගේ දියණිය වන ගයාත්‍රි දේවි කුමරිය ධනවත් පවුලක උපත ලද නිසා ඉතා සැප පහසුකම් මධ්‍යායේ හැදී වැඩුණි.තරුණ වියට පා තබන විට අතිශය රූමත් වූ ඇගේ රූප සොභාව ලොව පුරාම කතා බහට ලක් වෙන්නට සමත් වී තිබෙනවා.

” වේල්සයේ රෝස කුසුම ” ලෙස හඳුන්වන ඩයනා කුමරිය උපත ලබන්නේ 1961 වසරේදි.ඉගෙනීමට එතරම් දක්ශ නොවූවද ඇය නර්ථනයට දස්කම් දැක්වූවාය. දෙවන එලිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු සමඟ සිදුවූ ඇගේ විවාහය 1981 දී ශාන්ත පාවුළු ආසන දෙව්මැදුරේදී සිදු වූ අතර ඇයව වේල්ස් කුමරිය බවට පත් කළාය. මෙම යුවළට විලියම් සහ හැරී නමින් පුත් කුමරුවන් දෙදෙනෙක් සිටියි.විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ගලාගිය ඩයනා කුමරියගේ 1996 දී දික්කසාදයෙන් අවසන් විය.

ස්නෝඩන් ප්‍රාන්තයේ හයවන ජෝර්ජ් රජුගේ සහ එළිසබත් රැජිණගේ බාල දියණිය වූ මාග්‍රට් රෝස් කුමරිය ” නිල් ඇස් ” සඳහා එකල ප්‍රසිද්ධියක් උසුලන ලදි.ඉතාලිය, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශයේ සංචාරයන් මගින් ඇගේ නිල කටයුතු වැඩි වූ අතර ඇය වැඩි වැඩියෙන් පුණ්‍යායතනවලට සම්බන්ධ වී කටයුතු කර ඇත

ස්වීඩනයේ වර්තමාන රජු වන දහසය වැනි ගුස්ටාව් රජුගේ සහ සිල්වියා බිසවගේ බාල දියණිය වන ඇය 1982 වසර්දී උපත ලබා ඇත. උපාධිධාරිනියක් වන ඇය 2013 වසරේ දී ඇමරිකානු ජාතික ක්‍රිස්ටෝපර් ඕ නීල් සමග විවාහ වී ඇත. වර්තමානයේ දී ඔවුන් සිය දරුවන් තිදෙනා සමඟ ෆ්ලොරිඩාවේ පදිංචිව සිටී

ආජන්ටිනාවේ බලවත්ම දේශපාලන පවුලක උපත ලැබූ ඇය උසස් අධ්‍යාපන කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ දී සම්පූර්ණ කර ඇත.නෙදර්ලන්තයේ ඔටුන්න හිමි ඇලෙක්සැන්ඩර් කුමරු සමග ඇය 2001 වසරේදි විවාහ වී තිබෙනවා.දරුවන් දෙදෙනෙකුගේ මවුපියන් වන ඔවුන් දෙදෙනා 2013 වසරේදි නෙදර්ලන්තයේ රජු සහ රැජින බවට පත්වී තිබෙනවා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here