රෂිකා හෙන්නායක අප්‍රේල් 14,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
මොනතරම් ඉහළට ඉගෙන ගත්ත කෙනෙකුට වුණත් මුල් අඩිතාලම ලැබුණෙ පෙර පාසලෙන්.
දරුවන්ගේ නිදහස් මනස තේරුම් ගනිමින්, ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරමින්,
අනාගතයට අවශ්‍ය අඩිතාලම දාන්න මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනය
ඉතාම ලොකු උදව්වක්.
ඉතිං මේ මොන්ටිසෝරි කියන සංකල්පය ළමයින් වෙනුවෙන් ගොඩනගලා, විශාල මෙහෙයක් ඉටු කළ ඇය “මාරියා මොන්ටිසෝරි” කියන විශිෂ්ඨ කාන්තාවයි.
1870 අගෝස්තු 3 වෙනිදා ඉතාලියේ දී ඉපදුණු මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටිසෝරි ට
අවුරුදු 12 දී එයාගේ අම්මලා එයා ඉක්ක පදිංචියට යනවා රෝමයට.
ඒ පුංචි මාරියාට යහපත් අනාගතයක් ලබාදෙන්න අවශ්‍ය මූලික අඩිතාලම දාන
බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තුවට කරන්න පුලුවන් උපරිම සාදාරණය ඉටු කරමින්,
1893 දී රෝමයේ සැපිනොසා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන ඇය 1896 දී ඉන් පිටවන්නේඉතාලියේ බිහිවූ ප්‍රථම වෛද්‍යවරිය ලෙස හා වෛද්‍ය විද්‍යාවට මෙන් ම ශල්‍ය විද්‍යාවට ආචාර්ය උපාධි
ලබාගත් ප්‍රථම ඉතාලි ජාතික කාන්තාව විදියට.
හැබැයි මාරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන එකට මාරියාගේ දෙමව්පියන් නම් විරුද්ධ
වුණාලු. එදත් අදත් කියල වෙනසක් නෑ. ඇතැම් දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ හීන,
බලාපොරොත්තු තමන්ගේ සිතුවිලි සහ අත්දැකීම් ඔස්සේ පාලනය කරන්න උත්සාහ
කරනවනේ. හැබැයි අම්මයි තාත්තයි කොච්චර විරුද්ධ වුණත් මාරියා පසුබහින්නෙ නැතුව තමන්ගේ
ගමන ගිහින් තියෙනවා.
ඒ වගේම කෙල්ලෙක් වෛද්‍ය විද්‍යාලයට එන එක ලොකුවටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා
ඇය ගියපු වෛද්‍ය විද්‍යාලයේ හිටපු මහාචාර්‍යවරයෙක්ට. ඒ කාලේ ඉතාලියේ මිනිස්සුන්ට
අනුව වෛද්‍ය විද්‍යාලය කියන්නේ පිරිමින්ට විතරක් අයිති තැනක්.
ඉතින් ඒ වගේ බාධක ගොඩක් බිඳගෙන ඉස්සරහට ගිය මාරියා තමන්ගේ
බලාපොරොත්තු ඉටු කරගෙන ගමන නතරකරන්නේ නෑ.
1896 අවුරුද්දෙම ස්ත්‍රී සමානාත්මතාවය පිළිබඳ බර්ලිනයේ පවත්වන ලද අන්තර්ජාතික
සමුළුව නියෝජනය කරමින් ළමා මෙහෙකාරකම් පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවක අදහස්
දැක්වුවේ ළමයින් කෙරේ තමන්ගේ හිතේ තියෙන ආදරණීය හැඟීම් ලෝකයක් ඉදිරියේ
විවර කරමින්. ඒ අවුරුද්දෙම රෝමයේ සැන්ටෝ ස්පිරිටෝ රෝහලේ ශල්‍ය සහයකයෙකු ලෙස සේවය
කළ මාරියාට ගොඩක්ම ඉන්න වුණේ දුප්පත් මිනිස්සුන්ගේ පුංචි දරුවො එක්ක.
“මාරියා දොස්තර නෝනා හරිම ආදරෙන් තමයි ලෙඩ්ඩුන්ට සළකන්නේ, හරිම
කරුණාවෙන් බෙහෙත් දෙන්නේ” කියන කතාව ඒ රෝහල තියෙන ප්‍රදේශයේ මිනිස්සු
අතර කියවෙන්න පටන් ගන්නෙත් ඒ කාලෙම තමයි.
1897 දී රෝම විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සක සායනයක පර්‍යේෂණ කටයුත්තකට
වැඩසටහනකට ස්වේච්චාවෙන් සම්බන්ධ වන මාරියාට තමන්ගේ පෙම්වතා වන Giuseppe
Montesano ව මුණ ගැහෙනවා. රෝමයේ සරණාගතව ඉන්න මානසික ආබාධ තියෙන පුංචි දරුවො හොයාගෙන ගිහින්
එයාලට බෙහෙත් කරන්න මාරියාට අවස්තාව ලැබෙන්නෙත් ඔන්න ඔය කාලෙදිම තමයි.
මෙහෙම යන සංචාරයන්වලදී අහන්න දකින්න ලැබුන දේවල් එක්ක මාරියා තව තවත්
මේ වගේ අසරණ අහිංසක දරුවො ගැන හොයන්න බලන්න, ඉගෙන ගන්න මහන්සි
වෙනවා. ඒ සොයා බැලීමේ උනන්දුව වැඩි වෙන තරමට මේ දරුවන්ට වැඩි අවධානයක්
දෙන්නත් මාරියා කටයුතු කරනවා.
අවුරුදු 28 දී ටියුරින් වල පැවැත්වුණ ජාතික වෛද්‍ය සම්මේලනයට කතාකරන මාරියා
මානසික සහ චිත්තවේගීය ගැටලු තියෙන දරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන
වෙන් කරලා නැති එක ගැන මතභේදාත්මක අදහස් ප්‍රකාශ කරනවා.
ඒ කතාබහ එතනින් නතර කරන්නෙ නැතුව ඊළඟ අවුරුද්දෙ ජාතික අධ්‍යාපනික
සම්මේලනයට කතා කරන මාරියා අධ්‍යාපන ක්‍රියාමාර්ග මත පදනම් වූ සමාජ ප්‍රගතිය
සහ දේශපාලන ආර්ථිකය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා.
Saru FM Media