ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

0
3


ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. 

අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා. 

එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ යුදෙව් විරෝධී මීනිමරුවෙකු අතින් තරුණ යුවළක් ඝාතනය වීම තමන් කම්පාවට පත් කළ බවයි. 

එම සිදුවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු බලධාරින් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඔවුන් දෙදෙනා වොෂින්ටනයේ යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් අනතුරුව එයින් පිටව යමින් සිටියදීයි. 

ප්‍රහාරයෙන් පසු ප්‍රහාරය එල්ල කළ සැකකරු විසින් “නිදහස් පලස්තීනය” යනුවෙන් කෑ ගැසූ බව එරට පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here