සටහන – පුලී
මැයි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලිංගිකව සම්ප්‍රේෂණය වන ගොනෝරියා ආසාදනයට එරෙහිව එන්නත් කිරීම ආරම්භ කළ ලොව පළමු රට බවට එංගලන්තය පත් වෙයි.
නමුත් එම එන්නත තවම සෑම ගොනෝරියා ආසාදනය වූ අයෙකුටම ලබා ගත නොහැකි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහි දී බහු ලිංගික සහකරුවන්ගේ හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ඉතිහාසයක් ඇති සමරිසි හෝ ද්විලිංගික පිරිමින් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.
එන්නත 30-40% ඵලදායී වන මුත් NHS හි බලාපොරොත්තුව වන්නේ එය ඉහළ යන ආසාදන සංඛ්‍යාවට යම් බලපෑමක් කල හැකි තත්ත්වයක පවතින බවයි.
2023 දී රෝගීන් 85,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම ගොනෝරියා ආසාදනයෙන් පීඩා විඳ ඇති බව සඳහන්.
ගොනෝරියා සෑම විටම රෝග ලක්ෂණ නොපෙන්වන අතර වේදනාව, අසාමාන්‍ය ශ්‍රාවයන්, ලිංගික අවයවවල දැවිල්ල සහ වඳභාවය වැනි රෝග ලක්ෂණ මේ සඳහා ඇතුළත් විය හැකිය.
දක්වන වාර්තාවන්ට අනුව එන්නතෙහි සුභවාදී ප්‍රතිඵලයක් දැකගත හැකිවුවහොත් ඉන් රෝගීන් 100,000 ක් වළක්වා ගත හැකි බවත්, ඉදිරි දශකය තුළ NHS සඳහා පවුම් මිලියන 8 කට ආසන්න මුදලක් ඉතිරි කර ගත හැකි බවත් පෙන්වා දෙයි.
Saru FM Media