ලොව උසම පාලම ලබන ජුනි මාසයේ විවෘත කිරීමට චීනය සූදානම් වනවා.
නිරිතදිග චීනයේ ගුයිෂෝ හි හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් පාලමේ ඉදිකිරීම් දැනට අවසන් අදියරේ පවතිනවා.
එය ගංගා මට්ටමේ සිට අඩි 2,051 ක් උසින් පිහිටා ඇති අතර දැනට උසම පාලම ලෙසින් සැලකෙන ප්‍රංශයේ මිල්ලාවු වයඩැක්ට් පාලමට වඩා අඩි 947 ක් උසින් යුතු වනවා.
මෙම පාලම වානේ එල්ලෙන පාලමක් වන අතර එහි මුළු දිග අඩි 9,482 ක්. ඉදිකිරීම් නිල වශයෙන් 2022 වසරේ ජනවාරි 18 වන දා ආරම්භ වූ අතර ලබන ජුනි 30 වන දා අවසන් කිරීමට නියමිතයි.
මෙහි බර ටොන් 22,000 ක් පමණ වන අතර එය අයිෆල් කුළුණු තුනක බරට සමාන වනවා.
Saru FM Media