මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය සැලසුම් කළ පරිදිම අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත.
එය, තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත් වේ.
මේ අතර ඉන්දු – පාකිස්තාන තරගය සැලසුම් කළ පරිදි විශේෂ වූ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න මහතා පැවසීය.
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය පවත්වනාවද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙවර මහත් ආන්දෝලනයක් මතුවුණේ දෙරටේ පවතින දේශපාලන අර්බුධ උග්‍රවීමත් සමඟය.
Saru News










