ලොරියකට යටකර 2ක් මරා දැමූ 6ක් පෝරකයට

0
9

අම්පාර, කඩුපහර ගම්මානයේදී
ලොරියක් තුළ මත්පැන් පානය කරමින් සිටියදී ඊට එරෙහි වූ ගම්වැසියන් දෙදෙනකුට පහරදී ලොරියට යටකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයන් හයදෙනකුට අම්පාර මහාධිකරණය ඊයේ (10දා) මරණ දඬුවම නියම කළේය.

2015 වසරේ අප්‍රේල් 13 දා මෙම ඝාතනය සිදුවී ඇත. අම්පාර, කෙහෙල්උල්ල, කඩුපහර ගම්මානයේදී මෙම පුද්ගලයන් අවුරුදු දිනයේ කෙහෙල්උල්ල කඩුපහර ගම්මානයේ වැවකට ගොස් මත්පැන් පානය කර කළහකාරී ලෙස හැසිරීම නිසා ගම්වාසීන් පිරිසක් ඔවුන්ට විරෝධය පළ කර ඇති අතර, එහිදී මෙම පිරිස ගම්වාසීන් තිදෙනකුට පහර දී ලොරියට ද යට කර මෙම පිරිස පළා ගොස් ඇත. එම ස්ථානයේදීම ගම්වාසීන් දෙදෙනකු මියගොස් ඇත.

වසර දහයකට අධික කාලයක් මෙම නඩුව විභාග වීමෙන් අනතුරුව ඊයේ (10දා) දහවල් 2.00 ට පමණ මෙලෙස මෙම පුද්ගලයන් හය දෙනාට මරණ දණ්ඩනය නියම කර ඇත.
කමල් බෝගොඩ සහ පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here