ලොකු ලූනු ගොවි ගැටලු විසඳීමට සාකච්ඡාවක්

0
6

දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්ල ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේගඩීග ලාල්කාන්ත, වෙළෙඳල වාණිජල ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේගඩීග ලාල්කාන්ත මහතා දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බවත්, සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවත් සඳහන් කළේය.

ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණිග එම තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය කේගඩීග ලාල්කාන්ත මහතා පැහැදිලි කළේය.

ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ මිල ක්‍රමවේදය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර දේශීය ලොකු ලූනු වගාවට අදාළ තිරසාර නිෂ්පාදන සහ අළෙවිකරණය සඳහා වූ උපායමාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද වාර්තාවද ඉදිරිපත් කෙරිණ.

2025 වසරේ සියයට 17ක් වන ලොකු ලූනු නිෂ්පාදනය 2026 වසරේ සියයට 22ක් සහ 2027 වසරේ 27 දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර ගබඩාකරණය ඇතුළු ගොවින්ගේ පහසුකම් පුළුල් කිරිමට ගත හැකි පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

විශාල පරතරයක් සහිතව මිල උච්ඡාවචනය වීම තමන් මුහුණ දෙන විශාල ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ගොවීහු එම අවදානමට මුහුණ දෙමින් තමන් වගා කටයුතුවල නිරත වන බවත් විශාල ආදායමක් ලබාගත හැකි ක්ෂේත්‍රයක් වන ලොකු ලූනු වගාවෙහි අඛණ්ඩව නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here