ලොකු පොඩි හැමෝම කන්න කැමති ත්‍රිපෝෂ ගෙදරම හදමුද?

0
18


පොඩිකාලේ කාපු ත්‍රිපෝෂ රසය තාම අමතක කරන්න බැරි රසයක්. ලොකු පොඩි කවරුත් කැමති ඒ ත්‍රිපෝෂ රසයටම සමාන රසවත් අග්ගලා ගෙදරදීම හදාගන්න ආකාරය මේ ලිපියෙන් අපි අද ඔබට ගෙනාවා. කෑම කන්නේ නැති බර අඩු පොඩ්ඩන්ට ආසාවෙන් කන්න පුළුවන් අමතර ආහාරයක් විදිහටත් මේ අග්ගලා ගැලපෙනවා. මේ ගෙදර හදපු ත්‍රිපෝෂරසයෙනුත් ගුණයෙනුත් හරිම ඉහළයිඅමතක කරන්නේ නැතිව ඉක්මනින්ම හදලා බලන්න. හොදම දේ දරුවන්ටනේ.. ආදරේ වෙනුවෙන් මොනවද කරන්න බැරි ?එහෙම නේද ?

මෙන්න මේ දේවල් අපට ඕනා වෙනවා
  • මුං ඇට
  • කඩල
  • ඉරිගු
  • රටකජු
  • ආමන්ඩ්
  • සහල්

ග්‍රෑම් 100 බැගින්

මෙහෙමයි හදන්නේ

  1. සියලුම ධාන්‍ය හොදින් සෝදා අවුවේ වියලා ගන්න.
  2. වෙනම කබලේ බැදගන්න,
  3. සියුම්ව කුඩු කරගන්න.
  4. සියල්ල එකට මිශ්‍ර කරන්න .
  5. අවශ්‍ය පමණටපොල්සීනිතිබේ නම් කිතුල් පැණි යොදා මිශ්‍ර කර ගුලි සාදා පිළිගන්වන්න.

මීට අමතරව තලසෝයා ඇටඇතුළු ධාන්‍ය වර්ගත් එකතු කරගන්න පුළුවන් කියලත් මතක තියාගන්න. (මේ ආහාර වට්ටෝරුව වයස අවුරුදු 1ට වැඩි දරුවන්ට වඩාත් සුදුසුයි).

ගෙදර හැදුව ත්‍රිපෝෂ රස අග්ගලා හරිම රසයිඒක නම් නොකියාම බැහැ.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here