සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබඳව පාර්ශව ගණනාවක අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
නීති විශාරදයින්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පල්ලිය, දේශපාලන විශ්ලේෂකයින් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම යන පිරිස් ඒ අතර පෙරමුණේ සිටිති. මේ වනවිට වාර්තා වන අන්දමට සමගි ජන බලවේගයේ මෙතෙක් පැවැති අලු යට ගිනි මුජිබර් රහුමාන්ගේ ප්‍රකාශයත් සමඟ තීරණාත්මක කඩ ඉමකට පැමිණ තිබේ.
විශේෂයෙන් ම ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතිශය සංවේදී නඩු විභාගයක් පිළිබඳව බරපතළ විකෘති කිරීම් ගණනාවක් ඔහුගේ ප්‍රකාශය සිදු කිරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ නවතම ගැටීම් නිර්මාණය වී ඇත.
ත්‍රිපුද්ගල මහාධිකරණය ඇමති නිවාසයක රැස්වන බවත්, එම නඩු විභාගය මාධ්‍යයට සහ චූදිතයන්ගේ පවුල්වලට හොර රහසේ සිදු කරන බවටත් සම්පූර්ණයෙන් ම ගොතන ලද ප්‍රකාශයක් සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව ගණනාවක් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මූලික අවධානය යොමු කර ඇති අතර, මුජිබර් රහුමාන්ගේ ප්‍රකාශය සමගි ජන බලවේගය පක්ෂයේ මතය දැයි නිල වශයෙන් තහවුරු කර ගැනීමට සූදානම් වන බවත් මේ වනවිට හෙළි වී තිබේ.
2
Saru News










