ලේසියෙන් ඉක්මනින් prawn and mushroom pasta

0
12


හදිසියේ ආහාර පිස ගන්නකොට ලෙහෙසි පහසු රෙසිපියක් තමයි මේ. අමුත්තන්ට සංග්‍රහ කරන්න වුණත් අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • තම්බාගත් පැස්ටා ග්‍රෑම් 125
  • එළවළු තම්බා ගත් ස්ටොක් කෝප්ප     භාගයක්
  • කළු හතු හෝ කැමති හතු වර්ගයකින් ග්‍රෑම් දෙසීයක්
  • තලාගත් සුදු ළූණු බික් දෙකක්
  • ශුද්ධ කර ගත් ඉස්සන් ග්‍රෑම් 300
  • ලුණු තේ හැදි බාගයක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
  • බටර් මේස හැඳි එකක්
  • කුඩාවට චොප් කර ගත් ලූනු ගස් කෝප්ප කාලක්
  • මාළු සෝස් තේ හැදි එකක්

සාදන ක්‍රමය.

මුලින්ම භාජනයක් ලිප තබා එයට  තැම්බු එලවලු  ස්ටෝක්, හතු සහ සුදු ලූණු එකතු කර මිනිත්තු හතරක් පමණ පිස ගන්න. ඉන්පසු එයට ඉස්සන් එක්කර ලුණු සහ ගම්මිරිස් රස පදමට දමා ඉස්සන් රෝස පැහැ වනතුරු පිසගන්න .එයට බටර් දමා මිශ්‍ර කරන්න .මෙයට තම්බා ගත්  පැස්ටා, මාළු සෝස් සහ කැබලි කැපූ ළූනු කොල එකතු කර හොදින් කලවම් කර උණුවෙන්ම සංග්‍රහ කරන්න .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here