ලේසියෙන්ම හදාගන්න පුළුවන් පුඩිමක්..

0
11


සමහර වෙලාවට රස ම රස ඩෙසට් එකක් කන්න හිතුණත් ගෙදර හදන්න කිසිම දෙයක් නැතිවෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ලංකාවෙ අපේම රසට වගේ ම ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස පුඩිං එකක් ගැන තමයි අද මේ ඔයාලා දැනගන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි රෙසිපි එක බලමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

මාරි බිස්කට් ග්‍රෑම් 100ක්
බිත්තර තුනක්
කිරි මිලිලීටර 170ක්
වැනිලා තේ හැන්දක්
සීනි ග්‍රෑම් සීයක්

හදන්නේ මෙහෙමයි

මාරි බිස්කට් ටික බ්ලෙන්ඩර් එකක දාලා හොඳට කුඩු කරගන්න. දැන් ඒකට වෙන වෙනම කඩා පරීක්ෂා කරලා බැලූ බිත්තර තුන වගේ ම, කිරි ටිකත් එකතු කරගන්න. සීනිවලින් ග්‍රෑම් 50ක් ද එකතු කරන්න. දැන් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. සියල්ල හොඳින් මිශ්‍ර වෙන සේ බ්ලෙන්ඩ් විය යුතුයි. ඉන්පසු ඉතිරි සීනි ග්‍රෑම් 50 කැරමල් කරගන්න. දැන් පුඩිං මිශ්‍රණය තම්බා ගන්නට සුදුසු භාජනයක් ගෙන එහි අඩිය පුරා වට කැරමල් ටික වත් කරගන්න. එය නිවුණු පසු පුඩිං මිශ්‍රණය ද එක් කරගන්න. දැන් විනාඩි 40ක් ස්ටීම් කරගන්න. හොඳින් නිවුන පසු අනිත් පැත්ත හරවා ගන්න. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here