ලේසියෙන්ම ඇඹුල් තියල් හදන ක්‍රමේ දන්නවාද?

0
10


ලංකාව් සියලු දෙනා අතර ඉතා ප්‍රචලිතම ආහාරයක් ඇඹුල් තියල්. ඇඹුල් තියල් සෑදීම සංකීර්ණ කරගැනීමෙන් ගොඩක් දෙනා ඇඹුල් තියල් හදන්න අපහසු යැයි සිතා සිටිනවා. නමුත් මෙය සැකසීමට ඉතා පහසු ආහාරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තලපත් හෝ වෙනත් ලොකු මාළු 500g
  • ගොරකා  කැබලි 04
  • ගම්මිරිස් තේ හැඳි 01
  • ඉඟුරු තේ හැඳි 1
  • කරපින්චා
  • ලුණු

පිළියෙල  කරන අයුරු:

පළමුවෙන්ම ගොරකා, ගම්මිරිස්,  ඉඟුරු , කරපිංචා  එකට දමා හොඳින්  අඹරා ගන්න. රස අනුව ලුණු එක් කර ගන්න. මාළු කැබලිවලට කපා සෝදා දියබේරෙන්නට තබන්න. වතුර අඬු කෝප්පයක් පමණ මැටි ඇතිලියකට දමා අඹරාගත් සියළු දේ සමඟ මිශ්‍ර කර මාළු කැබලි පිළිවෙලකට තබන්න. මද ගින්නේ ලිප තබා ඉස්ම හිදෙන තෙක් තම්බා ගන්න .

අමු මිරිස්, කුරුඳු පොතු ආදිය එකතු කිරීමෙන් වැඩි රසයක් එක් කරගත හැක. සුදු ළුෑණු අවශ්‍ය නම් පමණක් එකතු කරන්නග මන්ද සුදු ළුෑණු එකතු කීරීමෙන් මාළු ඇඹුල් තියල් කල් තබා ගැනීමට නොහැකි වන හෙයිනි. නිසි ලෙස පිළියෙල කලහොත් දින කිහිපයක් වූවත් ශීතකරණයේ නොතබා ප්‍රයෝජනයට ගත හැකියි. බලන්න, මේ විදිහට ඇඹුල් තියල් සැකසීම ඉතාම පහසුයි නේද කියා?

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here