ලෙමන් වතුර පානයෙන් ඔබේ සිරුරට ලැබෙන වාසි..

0
9


ඔබ කෙනෙක් සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර හොඳ විසඳුමක් වේවි. ලෙමන් වල පැඟිරි සුවඳ ඔබේ මුඛයේ ගන්ධය අවම කිරීමට සමත් වනවා. ඔබ උදෑසන අවදි වන විට කට වියළී ගිහින් එහි බැක්ටීරියා වර්ධනය වීම නිසා නරක ගන්ධයක් දැනෙනවා නම් ලෙමන් වතුර බොන්න.

දැනටමත් හැමදාම ලෙමන් වතුර පානය කරනවා නම්,සමට රැකවරණය සඳහා අවශ්‍ය තෙතමනය එමගින් ලැබෙනවා.නිසි පරිදි සජලනය වූ විට සම රැළි වැටීම් නොමැති වෙනවා. ඔබේ උදෑසන පානයට ලෙමන් එකතු කිරීම මගින් එහි විටමින් C පෝෂ්‍ය පදාර්ථයක් වන කොලජන් සහ ඉලාස්ටින් සමෙහි නිපදවීමට විශාල කාර්‍යයක් ඉටු කරනවා.  විටමින් C අධික ආහාර වේලක් මගින් සමේ රැළි වැටීම අඩු කරන බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන දෙයක්.

විටමින් C කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. එය සෛල ආරක්ෂා කරනවා. මීට අමතරව ආතතිය, අධි රුධිර පීඩනය සහ හෘද වාහිනී රෝග වලට ඇති අවදානමද අඩු කරනවා. කොහොමත් ලෙමන් වතුරේ ඇදහිය නොහැකි විටමින් සී ප්‍රමාණයක් තිබෙනවා.

නිශ්චිත හේතුවක් සඳහන් කරන්න නොහැකි වුණත් දිනපතා ලෙමන් පානය කිරීම බර අඩු කර ගැනීමට හේතුවක්.

ලෙමන් වල ඇත්තේ ප්‍රබෝධමත් සුවඳක් ඒනිසා ආතතිය අඩු කර ඔබව සන්සුන් කරනු ලබනවා. ඇරෝමා තෙරපි වලදී ලෙමන් බොහෝ විට යොදා ගන්නේ ඒ නිසායි. ලෙමන් වල ඇති පොටෑසියම් අධි රුධිර පීඩනය අඩු කරන්න උදවු වෙනවා.

මේ වගේ ගුණ බොහොමයක් ඔබට දිනපතා ලෙමන් වීදුරුවක් පානය කිරීමෙන් ලබා ගන්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here