ලෙඩ නැති වෙන්න! ඇඟ හැඩ වෙන්න! එන්න..පිහිනන්න!

0
11


පිහිනීම කියන්නෙ ශාරීරිකව මෙන්ම මානසිකවද සුවය ගෙනෙන අපූර්ව ක්‍රීඩාවක්.

ඇත්තටම එක්තරා විදියක ඔසුවක් කියන්නත් පුලුවන්.ශරීරයේ සෑම මාංශ පේශියකටම මනා වූ ව්‍යායාමයක් ඉන් ලැබෙනවා. ඉතින් ඒ නිසා වයස් භේදයකින් තොරව කොයි කාටත් ගැළපෙන පිහිනීම ගැන පොඩ්ඩක් දැනගත යුතුම වෙනවා

පිහිනීම සඳහා වයස බලපාන්නෙ නැහැ. නමුත් වෛද්‍ය නිර්දේශ මත විවිධ ව්‍යායාම් ආදිය නොකරන සහ ලෙඩ රෝග සහිත අය පිහිනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

පිහිනීමෙන් අපට වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම ස්ථුලතාවයෙන් පීඩාවිඳින අයට ඉතාමත්ම සුදුසු ව්‍යායාම් ක්‍රමයක් ලෙසට මෙය හඳුන්වන්න පුලුවනි.ඒ වගේම කොන්දේ අමාරු ඇති අයටත් පිහිනුම ඉතාමත්ම ගුණදායකයි. සෙම් රෝග ඇති අයට මෙන්ම ඇදුම රෝගය ඇති අයටද පිහිනුම හරහා එය සුව කරන ප්‍රතිකාර ක්‍රම පවා අද දියුණු වී තිබෙනවා.ඒ වගේම පිහිනීමට නොදන්නා කම නිසා වන ජීවිත හානි අවම කරගැනීමේ හැකියාවද තිබෙනවා.

සාමාන්‍යයෙන් මාස 3 සිට ඉහළට ඕනෑම පුද්ගලයෙකුට පිහිනීමට යොමුවන්නට හැකියි. නමුත් අපගේ වැනි රටවල තරමක් වතුරට ඇති බිය නිසා මෙන්ම නුහුරු බව නිසා කුඩාම දරුවන් පිහිනුම් ක්‍රීඩාවට යොමු කරන අවස්ථාවන් ඉතාමත්ම අඩුයි.සාමාන්‍යයෙන් ලංකාවේදී අවුරුදු දෙකෙන් ඉහළ දරුවන් දැන් වැඩිපුර මේ සඳහා යොමු කිරීමට දෙමාපියන් පෙළඹී තිබෙනවා.

රුධිර සංසරණය ක්‍රමානුකූල වීම හෘදය සහ පෙනහලු ක්‍රියාකාරීත්වය වැඩිවීම, මාංශ පේශීවල ශක්තිය වැඩිවීම, දරාගැනීමේ ශක්තිය වර්ධනය කිරීම, ශරීරයේ බර අඩුකර ගැනීමට හැකිවීම, සුව නින්දක් ලැබීම, ශරීරයේ වේදනාව අවමවීම. ප්‍රසූතිය පහසුවීම.

ඒ වගේම මනා සෞඛ්‍යයක් අපේක්ෂිත කවරකුම හෝ යොමුවිය යුතු වඩාත්ම ඉදිරියෙන් සිටින ක්‍රීඩාව ලෙස පිහිනුම් ක්‍රීඩාව හඳුන්වන්න පුලුවනි.

-ඉරේෂා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here