ලුණු හිඟය අවසන් කරන්න කැබිනට් මණ්ඩලය ගත් තීරණය

0
4


ලුණු ආනයනය කිරීම සඳහා පැවති ආනයන සීමා ලිහිල් කිරීමට ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි තීරණය කර තිබෙනවා. 

ඒ, මේ වන විට වෙළඳපොළේ පවතින ලුණු හිඟය පිළිබඳ සැලකිල්ලට ගනිමින්. 

එලෙස ලුණු ආනයනයට අවසර ලබා දී ඇත්තේ ජුනි මස 10 වනදා දක්වායි. 

ඒ අනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩීනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා එම අවසරය ලබා දී ඇති බවයි වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ. 

වෙළඳපොලේ පවතින ලුණු හිඟය හේතුවෙන් වෙළඳපොළේ කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ වෙළඳපොළේ පවතින ලුණු හිඟය මෙම සතිය තුළ අවසන් වනු ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා.     

Neth Sound · HEMANTHA 01

මේ අතර අද උදෑසන ප්‍රචාරය වන නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරෙන්නේද වෙළඳපොළේ පවතින ලුණු හිඟය හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here