මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම ආහාර රස ගැන්වීමේ ක්‍රියාවලියේදී ලුණු ප්‍රධාන මෙහෙයක් ඉටු කරමින් සිටී. ආහාරයට සෝඩියම් එකතු කරනු ලබන ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් ලුණු සැලකිය හැකිය. ශරීරයේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා ලුණු අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. දිනපතා භාවිත වන ආහාරවල ස්වභාවයෙන්ම අඩංගු සෝඩියම් ශරීරයේ සියලු අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් වුවත් වැඩිපුර දහදිය දමන අය සඳහා ලුණු අමතර වශයෙන් භාවිතය අවශ්‍ය විය හැක. එක් පුද්ගලයෙකු සඳහා දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 05 කට (දළ වශයෙන් තේ හැන්දක්) වඩා අඩුවිය යුතුය.
ආහාරයට ලුණු විවිධ අයුරින් එකතු වීමට පුළුවන.
මාංශමය අහාර වන හැම් බේකන්, සොසේජස්, ලුණු දමා වියලන ලද කරවල, ලුණු දමන ලද ඌරු මස් වලද, බටර්, මාගරින්, ටින් කරන ලද එළවළු, මාමයිට් හා වෙජිමයිට් (යීස්ට් නිස්සාරක) සෝයා සෝස් ඇතුළු සෝස් වර්ග ලුණු රසැති කෂණික කෑම වර්ග වන සේවරි බිස්කට්, ක්‍රිස්පි වර්ග, අච්චාරු සහ උදය ආහාරය සඳහා සකස් කල ධාන්‍ය වර්ග වලද ලුණු බහුලව අන්තර්ගතය.
සාමාන්‍යයෙන් ලුණු අඩුවෙන් පරිභෝජනය හා පොටෑසියම් බහුල ආහාර වැඩිපුර ගැනීම හේතුවෙන් සමස්ත ජනගහනයේම රුධිර පීඩනය අඩු වීමකට තුඩු දිය හැක. වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැඛෙන පොටෑසියම් ප්‍රමාණය වැඩිකර ගැනීමට පුළුවන. අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය ලුණු භාවිතය සීමා කිරීම සෞඛ්‍යයට හිතකරය. වයස්ගත වීමත් සමග ලුණුවලට ඇති සංවේදීතාවය ඉහළ යයි. අධික ලුණු සහිත ආහාර ගැනීම නිසා මුත්‍රා සමග කැල්සියම් පිටවීම ඉහළ යයි. මෙම හේතුව නිසා ශරීරයේ කැල්සියම් ඌනතාවයක් ඇතිවිය හැක.
අයඩිනීකෘත ලුණු සෑම නිවසකම ආහාර රස කර ගැනීම සඳහා යොදා ගන්නා නිසා සෑම කෙනෙකුටම තම අහාර වේල මගින් අයඩීන් ලබා ගැනීමට හැකියාව ඇත. එම නිසා ලුණු භාවිතයේදී අයඩිනීකරණය කරන ලද ලුණු පමණක් භාවිතයට ගත යුතුය. මිනිසාගේ කායික සහ මානසික ක්‍රියාකාරිත්වය සඳහා තයිරොයිඩ් හෝමෝනය ඉතා වැදගත් වේ. මෙම හෝමෝනය නිපදවීමේදී අයඩින් ප්‍රධාන මෙහෙයක් ඉටු කරයි. අයඩින් ඌණතාවය හේතුවෙන් මන්ද බුද්ධිකතාව,මානසික හා ශාරීරක වර්ධනය අඩු වීම සහ විකසනය වීමේ ගැටළු ඇති වේ.
Saru FM Media