ලුණු තොගයක් රැගත් නෞකාවක් අද කොළඹ වරායට

0
3


ලංකා ලුණු සමාගම ඇණවුම් කළ ලුණු තොගයක් රැගත් නෞකාවක් අද මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. 

ලංකා ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසුවේ ඉන්දියාවේ සිට ලුණු මෙටි්‍රක් ටොන් 2,800ක් රැගත් නෞකාවක් එලෙස කොළඹ වරායට ළඟා වීමට නියමිත බවයි. 

මෙම නෞකාව පසුගිය බදාදා දිනයේ කොළඹ වරායට ළඟා වීමට නියමිත තිබුණ ද කාලගුණ ගැටලු සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එය අද රාත්‍රිය තෙක් ප්‍රමාද වූ බවයි ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා පැවසුවේ. 

ලුණු මෙටි්‍රක් ටොන් 20,000ක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වීමට ලංකා ලුණු සමාගම විසින් ඇනවුම් කර ඇති අතර ඉතිරි ලුණු තොග රැගත් නෞකාවද ඉදිරි දිනවල මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

මේ අතර පෞද්ගලික ආයතන මගින් ගෙන් වූ ලුණු තොග ඉකුත් දිනවලදී මෙරටට ලැබී තිබුණා. 

එම ලුණු තොග ඊයේ දින සිට වරායෙන් මුදාහැරීම කටයුතු කර ඇති බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා. 

Neth Sound · PRL UPALI 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here