ලීටර් 6000ක ගෑස් ටැංකියක් පුපුරයි! කුරුණෑගල ගෑස් පිරවුම්හලේ කළමනාකරු ඇතුළු 4ක් මරුදකී! තවත් 4ක් රෝහලේ! බොහොම අමාරුවෙන් ලීටර් 6000ක දෙවැනි ගෑස් ටැංකිය බේරගනී! Sri Lanka Latest News

0
20


කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.Sri Lanka Latest News

අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇත.

ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. 

මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසීය.

ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබේ.

පුපුරා නොගිය ලීටර් 6,000ක් අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දමා ඇති එයින් සිදුවීමට ගිය හානිය තරමක් අවම වූ බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here