ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණයක්

0
11


ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ලිට්‍රෝ ගෑස් මිල මේ මොහොතේ සංශෝධනය කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690කට තවදුරටත් අලෙවි වනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 1,482ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 694කට තවදුරටත් අලෙවි වනවා. 

කෙසේවෙතත් සමස්ත ලංකා අපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් මිල වැඩි  නොවුණ ද ලාෆ් ගෑස් මිල වැඩිවීම සලකා ඉදිරියේදී ආහාර පාන මිල ගණන් ඉහළ යා හැකි බවයි.

එහි මූලික අදියර ලෙස කිරිපිටි මිල වැඩිවීම පමණක් සලකා අද සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ දැමූ බවයි ඔහු පැවසුවේ.

Neth Sound · CANTINE RUKSHAN 01

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,100ක්. කිලෝ 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1645ක්.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here