රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ LNW :
ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ ,අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි වේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3990ක් ලෙසත්,
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් ලෙසත්.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750ලෙසත් සංශෝධනය වන බව පැවසේ.


The post ලිට්‍රෝ ගෑස් මිල ඉහළට! appeared first on LNW Sinhala.
Saru News
















