ලිංගික රෝග ගැන දැනගනිමු

0
10


ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි.  රෝගාබාධ සඟවාගෙන කලක් සිටීම නිසා එම රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පවා ඉඩකඩ තිබෙනවා. බොහෝ කාන්තාවන් මුහුණ දෙන මෙවැනි රෝග තත්ත්වයන් පිළිබඳවත් ඒ සඳහා ඇති විවිධ ප්‍රතිකාර පිළිබඳවත් Smart Lady කෙනෙක් හැටියට ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුමයි.

වැඩිවියට පත් යුවතියකගේ ඔසප් වීම හෙවත් ආර්තවය සිදු නොවීම ඇමිනෝරියාව හැටියට හඳුන්වනවා. වැඩිවියට පත්වීමෙන් පසුව ඇතැම් යුවතියන්ට වසරක පමණ කාලයක් ආර්තවය සිදු නොවී තිබිය හැකියි. නමුත් වසරකින් පසුව සාමාන්‍ය පරිදි ආර්තව ක්‍රියාවලිය සිදුවිය හැකියි. එය සාමාන්‍ය තත්ත්වයක්. එසේම දරුවකු ලැබු ඇතැම් කාන්තාවන්ට දරුවාට කිරි දෙන මුල් මාස කීපයේදී ආර්තවය සිදු නොවී තිබිය හැකියි. එයත් ඉතාම ස්වභාවික සිදුවීමක්. වැඩිවියට පත් කාන්තාවන්ගේ ආර්තවය නැවතීමට ප්‍රධානතම හේතුව වන්නේ දරුවකු පිළිසිඳ ගැනීමයි. මෙම හේතූන්ගෙන් තොරව කිසියම් කාන්තාවකගේ ආර්තවය සිදු නොවීම රෝගී තත්ත්වයක්.ඇතැම් බටහිර ඖෂධවල බලපෑම්, අධික ලෙස ව්‍යායාම කිරීම, මානසික ආතතිය, ශරීර බර අඩුවීම, ආර්තවය නැවතීමට බලපාන හේතු කීපයක්. එසේම ආර්තව ක්‍රියාවලිය නැවතීමට බලපා හැකි ප්‍රධාන හේතු කීපයක්ම හඳුනාගෙන තිබෙනවා.

ශරීරයේ තයිරොක්සින් හෝමෝනය වැඩිවීම ද (Hyper Thyroidsm) ආර්තවය නැවතීමට හේතුවක් බව හඳුනාගෙන තිබෙනවා. තයිරොක්සින් හෝමෝනය වැඩිවීම වහා ප්‍රතිකාර ගත යුතු රෝගාබාධයක්. කාන්තාවකගේ ආර්තව ක්‍රියාවලිය සිදු නොවීම දරු ඵල අහිමි වීමට මෙන්ම තවත් රෝග ගණනාවකටම හේතු වෙනවා. ඒ නිසා අන්තරාසර්ග පද්ධතියේ විකෘතිතා සොයා බලා ඒ සඳහා වහාම පිළියම් යෙදිය යුතුයි.

Endometriosis යනු ගර්භාෂයේ ඇතුළත බිත්තියේ ඇතිවන පටලයයි. කාන්තාවකගේ සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදුවන ආර්තවයේදී මෙම පටලය ගැලවී පිටවී යනවා. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ ගර්භාසයෙන් ගැලවුණු එම සෛල කොටස් පැලෝපීය නාළය තුළින් ගොස් උදර කුහරයට වැටී එහි තැන්පත් වෙනවා.

ඉන් පසුව ආර්තවයට බලපාන හෝමෝනවල බලපෑම උදර කුහරයේ තැන්පත් වුණු එම සෛලවලට ද ඇති වෙනවා. එම හේතුව නිසා එම සෛලවලින් ද රුධිරය පිටවෙනවා. මෙය වර්තමානයේ බොහෝ යුවතියන් පෙළෙන ගැටලුවක් බවට පත්වී තිබෙනවා. මෙම රෝගය නිසා පැලෝපීය නාළවලට මෙන්ම ඩිම්බ කෝෂවලට ද හානි සිදුවිය හැකියි.

මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ ආර්තවය සිදුවන විට අධික වේදනාවක් ඇතිවීමයි. මෙම රෝගයේදී ගර්භාෂයේ ඇති එන්ඩොමෙට්‍රියම පටලය සම්පූර්ණයෙන්ම නොගැලවී යා හැකියි. නැතිනම් එම පටලය ගැලවීම අසීරු විය හැකියි. ආර්තවයේදී අධික වේදනාවක් ඇතිවීමට හේතු වන්නේ එයයි. එන්ඩොමෙට්රෝසිස් රෝගයෙන් පෙළෙන කාන්තාවන් අතුරින් 30% – 40% අතර සංඛ්‍යාවක් දරුවකු පිළිසිඳ ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙනවා. මේ නිසා එවැනි කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර කරා වහා ම යොමුවීම ඉතා වැදගත්.

මෙයත් බොහෝ කාන්තාවන් පීඩා විඳින රෝග තත්ත්වයක්. මෙහි ප්‍රතිඵලය වන්නේ ඩිම්බ මෝරා පිටවීම වැළැක්වීමයි. මේ නිසා ආර්තව චක්‍රය ද අක්‍රමවත් වෙනවා. මෙම රෝගයේදී ආර්තවය සිදුවන්නේ ඉතාම කලාතුරකින්. නැතිනම් දින 35 ක් පසුවී ආර්තවය සිදුවිය හැකියි. එමෙන්ම මෙම රෝගයේදී අධික රුධිර වහනයක් ද සිදුවිය හැකියි. අධික තරබාරු කාන්තාවන්ට PCO රෝග තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ ඉතා වැඩියි. එමෙන්ම ආර්තවයේදී අපහසුතාවයන් ගෙන් පෙළෙන කාන්තාවන් තමන් PCO රෝගයෙන් පෙළෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලිම ඉතා වැදගත්.

මෙය සමාජයේ කාන්තාවන් බොහොමයක් දෙනා පෙළෙන රෝගී තත්ත්වයක්. ෆයිබ්‍රොයිඩයක් යනු ගර්භාෂයේ මෘදු පටකවල ඇතිවන පිළිකා නොවන ගෙඩි විශේෂයක්. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ සූත්‍රාර්බුද ලෙසින්.

මෙම ගෙඩි වටකුරුයි, තදයි, ළා රෝස පැහැයක් ගන්නවා. මෙම ෆයිබ්‍රොයිඩ ගෙඩි ඇතිවීමට බලපාන හේතු පිළිබඳව නිශ්චිත සොයා ගැනීමක් තවමත් සිදු කර නෑ. රුධිරයේ ඊස්ට්‍රජන් අධික වීම නිසා මෙම ෆයිබ්‍රොයිඩ ගෙඩි ඇතිවිය හැකියි. මේවා ඉතා කුඩා ප්‍රමාණයේ සිට ඉතා විශාල ප්‍රමාණය දක්වා ඇතිවීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම යෞවනෝදයත් (Paberity) කිලි මැරීමත් (Menopause)  අතර කාලයේදී මෙම සූත්‍රාර්බුද ඇතිවීමේ හැකියාව තිබෙනවා. ඩිම්බ කෝෂවල නිපදවන හෝමෝනවල බලපෑම ගර්භාසයට ඇතිවීම ඊට හේතුවයි. ෆයිබ්‍රොයිඩ හෙවත් සූතාර්බුද ඇතිවීමට වැඩිපුරම ඉඩකඩ ඇත්තේ දරුවන් බිහි නොකළ කාන්තාවන්ටයි.

ෆයිබ්‍රොයිඩ ගෙඩි ඇති කාන්තාවන් වැඩි කොටසක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ. වැඩියෙන්ම ඇතිවන රෝග ලක්ෂණය නම් නිතරම මුත්‍රා පහ කිරීමට ඇති අවශ්‍යතාවයයි. (Urine Frequency) එයට හේතුව වන්නේ ෆයිබ්‍රොයිඩ ගෙඩිය වර්ධනය වීමේදී ආශි‍්‍රත ඉන්ද්‍රියන්වලට ඇතිවන බලපෑමයි. මෙම රෝග තත්ත්වය වඳ භාවයට ප්‍රබල හේතුවක්. එය සිදුවන්නේ සංසේචිත ඩිම්බය හෙවත් යුත්තානුව ගර්භාෂයේ රෝපනය නොවීම නිසයි. ෆයිබ්‍රොයිඩ ගෙඩි ඇතිවීම නිසා වකුගඩු ප්‍රදේශ තදවී Hydronephrosis නම් රෝගී තත්ත්වය ද ඇති විය හැකියි.

ප්‍රදර රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඒ; ශ්වේත ප්‍රදරය සහ රක්ත ප්‍රදරය නමින්. මෙහිදී කතා කළ යුතු වැදගත් අංශය වන්නේ ශ්වේත ප්‍රදරයයි. ස්ත්‍රීන්ගේ යෝනි මාර්ගයේ කිසියම් ආම්ලික ස්‍රාවයක් තිබෙනවා. එම ස්‍රාවය පවතින්නේ විෂබීජවලින් යෝනි මාර්ගය ආරක්ෂා වීම පිණිසයි. එබැවින් අවර්ණ දුර්ගන්ධයක් නොමැති ස්‍රාවයක් මඳ වශයෙන් යෝනි මාර්ගයෙන් පිටවීම ස්වභාවිකයි. එහෙත් ශ්වේත ප්‍රදර රෝග අවස්ථාවේදී එම පිටවන ස්‍රාවය අධික ලෙස පිට වෙනවා. ඇතැම් විට වතුර වැනියි. නැතහොත් සොටු මෙන් ඇලෙන සුලුයි. එසේම දුර්ගන්ධයෙන් යුක්ත වෙනවා. මෙම අවස්ථාවේදී යෝනි මාර්ගයේ කැසීමක් ද ඇති වෙනවා. එම ස්‍රාවය ගෑවෙන ස්ථාන ද මඳ වශයෙන් කැසීමට පටන් ගන්නවා. මෙය ස්ත්‍රීන්ට පවතින රෝග තත්ත්වයක්. මෙම රෝගය ආයුර්වේදයේදී හැඳින්වෙන්නේ ශ්වේත ප්‍රදරය නමින්. මෙම රෝගය තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ට කෑම අරුචිය, ශරීරය කෙට්ටු වීම, හන්දිවල වේදනාව, නිතර යටි බඩේ ඇතිවන කොරය ආදි තත්ත්වයන් ඇති වෙනවා.

ශරීරයේ උෂ්ණාධික බව, මානසික පීඩනයෙන් පෙළීම මෙම රෝගය ඇතිවීමට හේතු වෙනවා. උෂ්ණාධික ආහාර ගැනීම, අධික කුළුබඩු යෙදූ ආහාරපාන ගැනීම ද මෙම තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා. කෙසේ වෙතත් පිටවන ස්‍රාවය ගඳින් යුක්ත නම්, එහි කැබළි පවතිනවා නම්, එය විෂබීජ ආසාදනයක් නිසා විය හැකියි. මෙම රෝගයේදී භයානක වනුයේ එයයි. එසේ වීමෙන්

ඉහත සඳහන් තත්ත්වයන්හි අවසන් ඵලය වඳ භාවය විය හැකියි. සමහරවිට නැවත සකස් කළ නොහැකි ආකාරයට පැලෝපීය නාළ දෙක විනාශ වී යා හැකියි. මේ නිසා කල් නොයවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ගැන මෙවැනි තත්වයක දී අත්‍යවශ්‍යයි.

ෆයිබ්‍රොයිඩ එන්ඩො මෙට්රෝසිස්, පොලිසිස්ටික් ඕවරිස් වැනි රෝගාබාධයන් ඇති වීමට ද ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ ශරීරයේ ඇති උෂ්ණාධික බවයි. උෂ්ණාධික ආහාර ගැනීම, මස් මාංශ අධික ලෙස ගැනීම ශරීරයේ අපිරිසිදු බව වැනි හේතුන් නිසාත් ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමට හේතු විය හැකියි. මේ නිසා නිවැරදි අවබෝධයෙන් යුතුව නිසි ප්‍රතිකාර කරා යොමු වීමට ලිංගික රෝග ආශ්‍රිතව ඔබේ දැනුම දිනපතා අලුත් කරගැනීම අත්‍යවශ්‍යයි.

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here