වර්තමානයේ අප දකින බොහෝ සටහන් වල ආදරය මුවාවෙන් අනෙකාගේ නිදහස සීමා කිරීම නිතර ම දකින්නට පුළුවන්.බොහෝ දෙනා එය අර්ථ දක්වන්නෙ ආදරය ලෙසයි .නමුත් සුලු සැක කිරීම් වලින් , නිදහස සීමා කිරීම් වලින් ඉදිරියට යන්නේ කිසියම් රෝගී තත්ත්වයක් විය හැකියි . මේ චරිතය රඟදක්වන්නේ ඔබ නම් ඉන් මිදීම ඔබට වඩාත් පහසු යි. එහෙත් එය රඟදක්වන්නේ ඔබගේ සහකරු නම් ඔහුව හෝ ඇයව ඉන් මුදවා ගැනීමේ වගකීම ඔබ සතු යි.
මොනවාද මේ රෝග ලක්ෂණ..
මෙය ආරම්භයේ දී රූපයක් ලෙස සලකන්නට එපා. සමහරුන් පුරුද්දක් ලෙසත්, ආත්මාර්ථකාමී බව නිසාත් මෙවැනි හැසිරීම් රටා පෙන්වනවා .
සහකරුගේ සෑම ක්රියාවකට ම සම්බන්ධ වීමට යෑම.එය කාර්යාලයේ වේවා, ඉන් පිටත වේවා සියල්ලටම හොට දැමීම මේ අයගේ ලක්ෂණයක්. ඔහු ගැන සොයා බලනවා යැයි පවසමින් තමයි මෙය අරඹන්නේ .
ඉතින් බොහෝ දෙනා මෙය රෝගයක් බවට පත් වන තුරු ඉන් මිදෙන්නේ නැහැ .හේතුව එය ආදරය සමඟ පැකට් කර සමාජ ගත වීම නිසයි . මෙය විශේෂයෙන් ඇති වෙන්නේ ලිංගිකව හැසිරෙන දෙදෙනා අතර පමණක් වීම විශේෂයක්. ඉන් පිටත මිනිසුන් මෙම සැක කිරීමට ලක් වන්නේ නැහැ .තමන්ගේ සියලු විඳවීම් වලට හේතුව තමන්ගේ සහකරු ලෙස සිතීම මෙහිදී ප්රධාන වෙනවා .බොහොමයක් කෙළවර වන්නේ දික්කසාදයකින්.ඉතින් මේ කියවන ඔබ, ඔබ දෙසට ම නැඹුරු වන්න. ඔබ තුළ හමු වන මෙවන් ලක්ෂණ හඳුනා ගන්න. තනියම ඉවත් කිරීමට නො හැකි නම් පළමුව උපදේශන සහාය පතන්න. මේ මොහොතේම ක්රියාත්මක වෙන්න .
-චම්මි-
Saru FM Media