වතුකරයේ ජනතා හඬ’ විධායක අධ්‍යක්ෂ බීබීසීයට කියයි
ලාභ ලබන පෞද්ගලික සමාගම්වලට අයත් සේවකයන්ට වැටුප් හෝ දීමනා ගෙවීමට රජය මැදිහත් වීම නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි වතුකරයේ ජනතා හඬ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඇන්තනී ජේසුදාස් මහතා පවසයි.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.
“මේක නරක පූර්වාදර්ශයක් වෙයි. ලාභයක් ගන්න ව්‍යාපාරිකයින් කරන්න ඕනෑ දේ ආණ්ඩුව කරල හරියන්නේ නෑ. ගාමන්ට් එකක වැඩ කරන අයට ආණ්ඩුවෙන් ගෙව්වොත් මොක ද වෙන්නේ? ආණ්ඩුව කළ යුත්තේ ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා මෙහෙම කරන්න ඕනේ කියා කීමයි. එහෙම කළේ නැතිනම් වතු ආණ්ඩුවට පවරා ගන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුවට අයිති වතුනේ සමාගම්වලට බදු දීලා තියෙන්නේ.”|
චතුර පමුණුව
Saru FM Media









