වට්ටක්කා කියන්නේ, කැල්සියම්, යකඩල ප්‍රෝටීන්, පොස්පරස්, ප්‍රතිතිඔක්සිකාරක හා විටමින් C වැනි සමට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් බහුල එළවළුවක්. කරියක් විදියට වගේම තැම්බුමක් විදියටත් වට්ටක්කා ඉතා රසවත්. වට්ටක්කාවලින් දැනෙන රසය, ගුණය වගේ ම ඔබේ සිරුර පැහැපත් කරන්නටත් ලැබෙන සහයෝගය පුදුමසහගතයි. මේ ලිපිය වට්ටක්කාවලින් ලස්සන වෙන හැටි දැනගන්න කැමති අයට ඉතා වැදගත් වේවි.
වට්ටක්කා මඟින් සමේ සෛල ආරක්ෂා කර දෙනවා. වට්ටක්කාවල ඇති Beta carotene අහිතකර UV කිරණයන්ගෙන් සම ආරක්ෂා කිරීමට සහාය වනවා.
වට්ටක්කාවල අඩංගු නියසීන් මඟින් රුධිර සංසරණය ක්‍රමවත් කරන අතර එමඟින් කුරුලෑ ඇති වීම වළක්වනවා. ඒ වගේ ම වට්ටක්කා ඇටවල ඇති සින්ක් මඟින්ද කුරුළෑ ඇති වීම වළක්වයි.
විටමින් B 3 වලින් සපිරි වට්ටක්කා ඔබගේ වියළි සමේ තෙතමනය ඉතා හොඳින් රැකදෙනවා.
ඔමෙගා 3 මේද අම්ලයෙන් හා සින්ක්වලින් සමන්විත වට්ටක්කා ඔබගේ හිසකෙස් වර්ධනය වේගවත් කරවයි.
අමු වට්ටක්කා මදය ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර හිසකෙස් වල ගල්වා මිනිත්තු කිහිපයත් තබා සෝදා හරින්න. දීප්තිමත් ව නිරෝගී ව කෙස් ආරක්ෂා කරන්නට ඒ මිශ්‍රණය ඉතා යෝග්‍යයි.
වට්ටක්කාවලින් සාදා ගත් පල්පයක් තෙල් සහිත මුහුණේ ආලේප කොට සමේ ඇති තෙල් ඉවත් කරගත හැකියි. මෙහි ඇති එන්සයිමයන් සමේ සෛල නිපදවීම වැඩි කරවයි.
වට්ටක්කාවල විටමින් C බහුල වේ. මෙමඟින් කොලැජන් නිපදවීම වැඩි කරමින් වයස්ගත වීමට එරෙහිව සටන් වදියි.
– නිරංජලා –
Saru FM Media