ලස්සන වෙන්න උවමනා ආලේපන විතර ද?

0
3

ලස්සන රූපයක් හිමිකර ගැනීම වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනවා.නමුත් වෙළඳ පොලේ  මිල අධික රූපලාවන්‍ය ආලේපන පමණක් භාවිතා කිරීමෙන් නිසි ප්‍රතිඵල ලැබෙනවාද කියා අපි සිතා බැලිය යුතු වෙනවා .ඉතින් මෙන්න මේ කරුණු සියල්ලම ඔබේ රූපය වඩාත් ඔප් නංවා ගැනීමට උපකාර වේවි .

මනස සන්සුන් ව තබා ගන්න .

මේ  සඳහා  යෝගා,ව්‍යායාම් ,සංගීතය ,සාහිත්‍ය ඇසුරු කරන්න පුලුවන් .ඉන් ඉහල ප්‍රතිපල ලැබෙනවා.

ආහාර රටාව.

සම පෝෂණය කරන ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත් .ඌෂ්ණ ආහාර නිසා සම ට හානි වෙන්නට පිලිවන්.ඒ නිසා නිතරම ශරීරය සිසිල් කරන ආහාර ලබාගැනීම ඉතාමත්ම වැදගත් .

නිවැරදිව මුහුණ සේදීම.

මුහුණ සෝදන විට අතුල්ලන්න ට එපා.සම ඇදී යාමට හැකි යි.ඒ වගේම සබන් භාවිතය ද නොකළ යුතුයි .මෘදුව රවුම් ආකාරයට පමණක් පිරිමදිමින් සෝදන්න .ඒ වගේම මුහුණ සේදීමට සිසිල් ජලය පමණක් භාවිතා කරන්න .උණු වතුර නිසා සම වියලීම ට ලක්වෙනවා.

ප්‍රමාණවත් නින්දක්.

ප්‍රමාණවත් නින්දක් නිසාවෙන් දෑස් යට ගිලීම , මලානික පෙනුම නැතිවෙනවා.දීප්තිමත් නැවුම් පෙනුමක් ලැබෙනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here