වර්තමානයේ බොහෝ දෙනෙක් ස්වභාවික මැණික් ගල් තම ආභරණ කට්ටල සඳහා යොදා ගන්නට වැඩි රුචිකත්වයක් දක්වනවා. එසේ ආභරණ කට්ටල සඳහා යොදාගත හැකි මිලෙන් අඩු එහෙත් ආකර්ෂණීය මැණික් ගල් පිළිබඳ මේ ලිපියෙන් ඔබව දැනුවත් කරනවා.
ස්වභාවික මැණික් ගල් වල වටිනාකම තීරණය කරන සාධක කිහිපයක් තිබෙනවා.
මූලිකව ම ගලෙහි වර්ගය මේ සඳහා බලපානවා. ගලෙහි වර්ගය තීරණය කරන්නේ ගලෙහි සවිමත් බව (Hardness) අනුවයි. සවිමත් බව ඉහළ මැණික් වටිනාකම අතින් ද ඉහළයි. දියමන්ති වල සවිමත් බවෙහි අගය 10ක් නිසා එය ඉතා ඉහළ වටිනාකමකින් යුක්තයි.
ඉන්පසු අදාළ ගල් වර්ගයේ නිවැරදිම වර්ණය සලකා බැලීම සිදු කරනවා. එයත් ගලෙහි වටිනාකම සඳහා සෘජුවම බලපානවා. එක් එක් ගලට නිශ්චිත වර්ණයක් පවතිනවා. එම වර්ණයට වඩා වෙනස් වර්ණ පරාසයන් ඇති විට මිල අඩුයි.
මෙහිදී සලකා බැලිය යුතු ම කරුණු කිහිපයක් තිබෙනවා. මැණික් ගලක නිවැරදි වර්ණය ලැබෙන්නට මූලිකව ම අවශ්‍ය වන්නේ නිසි ඔප මට්ටම් කිරීමකුයි. ස්වාභාවික මැණික් ගලක් ඔපමට්ටම් කිරීමෙන් පමණක් නිවැරදි වර්ණය ලැබෙනවා. වටිනාකම වැඩි වන්නේ ඒ අයුරිනුයි.
මැණික් ගලෙහි විනිවිද පෙනෙනසුලු බවත් ගලෙහි වටිනාකමට බලපානවා. ස්වභාවික සලකුණු ගලෙහි තිබිය හැකියි. මේ කතා කරන්නේ ඒවා ගැන නොවෙයි. ආලෝකයට අල්ලා බැලූ විට හොඳින් විනිවිද පෙනෙන්නේ නම් එය වටිනාකමින් වැඩියි.
නිල් පැහැයට ප්‍රිය කරන ඔබට ගැළපෙන ම මැණික් ගල් වර්ග දෙකක් මේ. මිලෙන් අඩු නමුත් සෞම්‍ය පෙනුමක් සහිත මෙම ගල් වර්ග ගෙන පහත දක්වා ඇති මෝස්තර මෙන් සකසනවා නම්, කැරට් 25ක් පමණ බර ගල් වලට පමණක් ඔබට රුපියල් 8000ක් පමණ වැය වේවි.
කොළ පැහැයට ප්‍රිය කරන ඔබට ගැළපෙන ම මැණික් ගල් වර්ගයක් මේ. මිලෙන් අඩු නමුත් සෞම්‍ය පෙනුමක් සහිත මෙම ගල් වර්ගය ගෙන පහත දක්වා ඇති මෝස්තර මෙන් සකසනවා නම්, කැරට් 25ක් පමණ බර ගල් වලට පමණක් ඔබට රුපියල් 4000ක් පමණ වැය වේවි.
රෝස පැහැයට ප්‍රිය කරන ඔබට ගැළපෙන ම මැණික් ගල් වර්ගයක් මේ. මිලෙන් අඩු නමුත් හොඳ පෙනුමක් සහිත මෙම ගල් වර්ගය ගෙන පහත දක්වා ඇති මෝස්තර මෙන් සකසනවා නම්, කැරට් 25ක් පමණ බර ගල් වලට පමණක් ඔබට රුපියල් 6000ක් පමණ වැය වේවි.
රතු පැහැයට ප්‍රිය කරන ඔබට ගැළපෙන ම මැණික් ගල් වර්ගයක් මේ. මිලෙන් අඩු නමුත් හොඳ පෙනුමක් සහිත මෙම ගල් වර්ගය ගෙන පහත දක්වා ඇති මෝස්තර මෙන් සකසනවා නම්, කැරට් 25ක් පමණ බර ගල් වලට පමණක් ඔබට රුපියල් 8000ක් පමණ වැය වේවි.
කහ පැහැයට ප්‍රිය කරන ඔබට ගැළපෙන ම මැණික් ගල් වර්ගයක් මේ. මිලෙන් අඩු නමුත් හොඳ පෙනුමක් සහිත මෙම ගල් වර්ගය ගෙන පහත දක්වා ඇති මෝස්තර මෙන් සකසනවා නම්, කැරට් 25ක් පමණ බර ගල් වලට පමණක් ඔබට රුපියල් 8000ක් පමණ වැය වේවි.
වෙළඳපොළෙහි එසේ ස්වභාවික ගල ම ඔපමට්ටම් කර නැවත තාපයට භාජනය කර (heat treatment) නිවැරදි වර්ණය ලබා ගන්නවා. එහෙත් එය ස්වාභාවික මැණික් ගලක් ලෙස සලකන්නේ නැහැ. එමෙන්ම ඒවා මිල අධික වන්නේත් නැහැ. ඔබ මැණික් මිලට ගැනීමේදී මේ පිළිබඳ ව අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි. විශ්වාසවන්ත ස්ථානයකින් ම මැණික් ගල් මිලදී ගැනීම සුදුසුයි.
Saru FM Media