ගොඩක්දෙනා හිතන්නෙ ඇඳුම් නිසි මිම්මට තෝරාගැනීම පිළිබඳව පමණයි. නමුත් යටඇඳුම් නිසි පරිදි නොතිබුණොත් ඇඳුමේ පෙනුම අවලස්සනවෙනවා පමණක් නොවෙයි ස්‍යෙඛ්‍යයට තර්ජනයක් වෙන්නත් පුළුවන්.
බොහෝ කාන්තාවන් සාප්පුවකට ගිහිල්ල bra එකක් fit- on කරල බලන්න අකමැතියි. එහෙම නැතිනම් ලැජ්ජයි. මේ නිසා මුදල් ගෙවල තමන්ටග ඇඟට ගැලපෙන්නෙ නැති bra එකක් අරගෙන දුක්විඳිනව. ඒනිසා මේ අත්වැල ඔබට ගැලපෙනම bra එක තෝරාගන්නයි.
ඇඟට හරියටම ගැලපෙන bra එකක් නම් අතට අත්වැසුම් යුවළක් පැළඳුවා වගේ හරිගානටම තියෙන්න ඕන. එහි යට ඇති band එක ඇතුලෙන් ඇඟිලි දෙකක් පහසුවෙන් ගෙන යා හැකි නම් දවස පුරා straps හදන්න වුණේ නැතිනම් සහ bra එක එහෙමෙහෙ වුණේ නැතිනම් ඔබ තෝරාගෙන අත්තේ නිවැරදි bra එකක්. ඔබට පසුපස ඇති හක්වලින් ඇඟට ගැලපෙන්න්නට adjust කරන්න පුළුවන්වුණත් size එකක් අඩුවුණොත් නම් අලුත් bra එකක් ගන්න වෙනවා.
එකිනෙකාගේ පියයුරුවල ප්‍රමාණය, හැඩය සහ ශරීරයේ ප්‍රමාණය වෙනස්. ඒවගේම එකම කෙනාගෙත් පියයුරුවල ප්‍රමාණය, හැඩය සහ ශරීරයේ ප්‍රමාණය කාලයෙන් කාලයට වෙනස්වෙන්න පුළුවන්. ඒනිසා කාලයෙන් කාලයට ගැලපෙන නිසි මිම්මෙන් යුත් bra එකක් තෝරාගන්න. නැතිනම් කොන්දෙ අමාරු, breast tissue පිටුපසට ඇදීම වගේ ස්‍යෙඛ්‍යයමය ගැටළු ඇතිවිය හැකියි.
– කල්හාරී –
Saru FM Media