ලස්සන පින්තූරයක් ගන්න මෙන්න මෙහෙම ඉඳල බලන්න

0
10


හැමදාම පිංතූරයක් අරගන්න ගියාම මොන විදියටද ඉන්න අවශ්‍ය කියල බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. සිනහ වෙලා හිටිය පමණින් පින්තුරයක් ලස්සන වෙන්නෙත් නෑ… හොඳ පිංතූරයක් තෝරගන්න පිංතූර 100ක් විතර ගන්න ඕන. නමුත් ඔබේ සිරුරෙ හැඩය, මුහුණෙ හැඩතල මනාව කැපී පෙනෙන ආකාරයට ගන්නා පින්තූරයක් මගින් ඔබේ සුන්දරත්වය තවත් වැඩි වෙලා පෙනේවි..  ඒක නිසා පිංතූරයක් ගනිද්දි මෙන්න මේ විදිහට ඉඳල බලන්න.

වෘතිමය ජායාරූප ශිල්පියෙක් නෙමෙයි නම් පංතූරෙ ගන්නෙ අනිවාර්යයෙන්ම මුහුණ පැත්තකට හරවල පුංතූරය ගන්න. මන්ද,  සෙවනැල්ල වැටීම නිසා මුහුණ මහතට වගේම අඳුරුවෙලා පෙනෙන්න පුළුවන්. නිකට තරමක් ඔසවා සාමාන්‍යයෙන් පෙනෙන මානයට ඉහළින් බලන්න. විශේෂයෙන්ම ඔබ සෙල්ෆි ගන්න විට මේ ආකාරයට හිටියොත් මුහුණෙ හැඩය සුන්දරව මතු කරල පෙන්වන්න පහසු වේවි.. ඔබ තරමක් මුහුණෙ මහත කෙනෙක් නම් මහත බව අඩුවෙන් පෙන්වල ලස්සන සෙල්ෆියක් ගන්නක් මේ ඉරියව්ව මගින් පුළුවන් වේවි

මෙය රතු පළසේ ගමන් කරන සිනමා තාරකාවන් අතර මෙන්න මෝස්තර නිරූපණශිල්පිනියන් අතර, විශේෂයෙන්ම හිටගෙන පිංතූරගන්නාවිටදී භාවිතාකරන ජනප්‍රිය රහසක්. ඔබේ සිරුර අංශක 45ක් පමණ හරවා අත් ඔබේ උකුළ ආසන්නයේ තබාගන්න. පසුපස කකුලට බරදී අනෙක් කකුල ඉදිරියෙන් තබන්න. කකුලේ ඇඟිළි කැමරාව පැත්තට හරවන්න. අත් උකුල ආසන්නයේ තැබීමට අකමැතිනම් අත් සිරුර දෙපසට වැටෙන්නට තබා ගන්න. ඔන්න මෝස්තර නිරූපණශිල්පිනියක් වගේ Photo එකක් ගන්න කැමති නම් මේ ක්‍රමය try කරන්න ඔබට පුළුවන්…

ඔබ සම්පූර්ණ ජායාරූපයකට පෙනීසිටිනවා නම් කකුලේ ඉහළ සිට  කතිරයක්වන සේ වළළුකරවල් එකිනෙක මත සිටිනසේ සිටගන්න. එවිට උකුල පෙදෙස පටුවටත් කකුල් දිගුවටත් පෙනේවි. මෙය ඉඳගෙන  සිටියදී ගන්නා ඡායාරූපයකට පවා භාවිතාකලහැකි ක්‍රමයකි. කොන්ද කෙලින් තබාගෙන වළළුකරවල් වලින් කකුල් කතිරයක්සේ එකිනෙක මත සිටිනසේ තබා ඡායාරූපය ලබාගන්න.

මේක නම් කියන්නත් දෙයක්ද? සිනා නොවී photo ගන්නෙ කවුද කියල ඔබ හිතාවි.. නමුත් කැමරාවට සිනහවීම පුරුදු කළයුතු කලාවක් බව ඔබ දන්නවද? . ඔරවගෙන වගේ ඉන්නෙ නැතිව වගේම දන්තාලේප දැන්වීමකට ඉන්නවා වගේ දත් තිස් දෙකම පේන ආකාරයට නැතිව මද සිනහවකින් සැරසී ඡායාරූපයට පෙනීසිටින්න.

ඡායාරූපයට පෙනීසිටින්න  උනාම තවමත් බොහෝ දෙනෙක් ටිකක් කළබල වෙනව.ඒ අනවශ්‍ය ආතතිය ඔබේ මුහුණෙන් පේනව වගේම ඔබේ සුන්දරත්වය කැපී පෙනෙන ඉරියව්වකින් ඡායාරූපයට පෙනීසිටින්නත් ඔබට අමතක කරනවා… ඒ නිසා පැරදුණු මන්ත්‍රීවරයෙකුමෙන් නොව සැහැල්ලුවෙන් සතුටෙන් Photo එකට පෙනීසිටින්න. ඡායාරූපය අත්තටම ලස්සනට තිබේවි.

මතක ඇතිව මීළඟට පිංතූරයක් ගන්නවිටදී මෙම ක්‍රම කීපය අත්හදාබලන්න. වෙනදාට වගේ නොව නිතර නිතර නරඹන්නට හිතෙන ලස්සන ඡායාරූප පෙලක් ලබාගැනීමට ඔබටත් හැකිවේවි.

– කල්හාරි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here