කැරලි කොණ්ඩයක් , ඒ කියන්නේ කර්ලි හෙයා එකක් කියන්නේ පවත්වා ගෙන යන්න ටිකක් අපහසු දෙයක් කියලා බොහෝ දෙනා කිව්වත් හරි curly hair routine එකක් ඔබ අනුගමනය කරනවා නම් ඇත්තටම කර්ලි හෙයා එකක් බලා ගන්න එක ඔබට අපහසු වෙන්නේ නෑ. අද අපි ඔබට කියන්නේ ඔබට පහසුවෙන්ම ආරම්භ කරන්න පුළුවන් Curly hair routine එකක් ගැනයි
මෙය හිසකෙස් වල පෝෂණය සහ පැවැත්ම සඳහා අතිශයින්ම වැදගත්. තෙත් කර ගත් හිසකෙස් මත ඔබ කැමති ආකාරයේ ස්වාභාවික හෙයා මාස්ක් එකක් ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. ඔබට බිත්තර මාස්ක් , යෝගට් මාස්ක් , සහල් වතුර සහ අලිගැටපේර මාස්ක් ඔබට භාවිතා කරන්නට පුළුවන්.
මෘදු Pre wash treatment එකක් මගින් ඔබේ රූටින් එක ආරම්භ කිරීම අතිශයින්ම වැදගත්. එය ඔබේ කැරලි හිසකෙස් නීරෝගීව තබා ගැනීමට අත්‍යවශ්‍ය පියවරක්. මෙම පියවර මගින් ඔබේ හිස් කබලේ සහ හිසකෙස් වල තිබෙන තෙල් , කුණු දුහුවිලි හොඳින් සහ ගැඹුරින් ඉවත් වීම සිදු වෙනවා.
මීලගට තියෙන්නේ ඔබට වඩාත් හුරුපුරුදු පියවර , ඒ කියන්නේ ශැම්පු කිරීම. මේ සඳහා ඔබට කැරලි කොණ්ඩ වෙනුවෙන්ම නිශ්පාදනය කරන ලද ශැම්පු වර්ගයක් තෝරා ගන්නට පුළුවන් . ඔබට තියෙන්නේ ඉක්මනින් ගැලවී යන , කැඩී යන කොන්ඩයක් නම් ඒ තත්වයන් සමනය කරන අමු ද්‍රව්‍ය අඩංගු නිශ්පාදනයක් තෝරා ගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ශැම්පූ හිසකෙස් වලට යෙදීමෙන් පසුව හිසකෙස් මදක් සම්භාහනය කරන්නත් අමතක කරන්න එපා.එමගින් ඔබේ හිසකෙස් වල තව දුරටත් රැඳිලා තියෙන අපද්‍රව්‍ය ඉවත් වීම සිදු වෙනවා.
ඕනම කොන්ඩයකට වගේම කැරලි කොන්ඩයකටත් අත්‍යවශ්‍යම පියවරක් තමයි conditioner කිරීම කියන්නේ. මෙමගින් ඔබේ හිසකෙස් වලට නැවත තෙතමනය ලබා දීම සිදු කිරීම කරන අතර ස්වාභාවික රැලි පුනර්ජීවනය කිරීම සිදු කරනවා. ඒ වගේම කොන්ඩය ගැලවී යාම , වියලීමට ලක් වීම සහ විශේෂයෙන්ම කොන්ඩය ගැට ගැසීම පාලනය කිරීම සඳහා කන්ඩිශනර් කිරීම වැදගත්.ඔබේ ඇඟිලි තුඩු වලට කන්ඩිශනර් ගෙන ඒවා මෘදුව ඔබේ හිසකෙස් වල ආලේප කරන්න. ඉන්පසුව විශාල දැති සහිත පනාවකින් හිසකෙස් සෙමින් පීරන්න. එම පියවරෙන් පසුව ඔබෙ හිසකෙස් ගැසීම , අත්ලෙන් ගුලි කිරීම කරන්න.මෙමගින් කැරලි සහිත හිසකෙස් වල තියෙන ඒ ස්වාභාවික රැලි ගතිය ආරාක්ශා වීම සිද්ධ වෙනවා.
ඕනෑම හිසකෙස් වර්ගයක් සේදීමෙන් පසුව එයට පසු සත්කාරයක් කිරීම වැදගත්. විශේෂයෙන්ම රැලි සහිත කොන්ඩයකටත් සත්කාර කිරීම අනිවාර්යයෙන්ම කල යුතු වෙනවා. එසේ නැතිනම් කොන්ඩය ඉක්මනින් ගැට ගැසීම සිදු විය හැකියි. මේ සඳහා ඔබට ස්නානය කිරීමෙන් පසුව Leave on conditioner එකක් හෝ සිලිකන් ඔයිල් එකක් භාවිතා කරන්නට පුළුවන් .
කර්ලි හෙයා එකක් රැක ගන්න නම් එය පමණට වඩා සේදීමෙන් ඔබ වැළකිය යුතුයි. ඒ වගේම විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන නිතර ඔබේ කොණ්ඩයට යෙදීමෙන් වැළකීම වගේම , නිසි කාලයකදී කොණ්ඩය කප්පාදු කිරීම , අධික උෂ්ණත්වයක් සහිත උපකරණ භාවිතය සීමා කිරීමත් ඔබ කළ යුතුයි.
Saru FM Media