කාන්තාවක් කියන්නේ වගකීම් රැසක් උසුලන කෙනෙක්. ඉතින් ඔබේ නිරෝගිකම ඍජුවම පවුලේ දියුණුව කෙරෙහි බලපානවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තටම අපි කලයුත්තේ ස්මාර්ට් ලයිෆ් ස්ටයිල් එකක් අනුගමනය කිරීම.
නැවුම් පළතුරු, එළවලු, ධාන්‍ය, සහ තන්තුමය ආහාර වලින් පොහොසත් ආහාර වේල් නිතරම ලබා ගන්න. පෙර පිස සකසා තිබෙන ආහාර වලින් වැළකෙන්න. ඒ වගේම දිනපතා කැල්සියම් මිලිග්‍රෑම් 800 -1500 දක්වා ප්‍රමාණයක් ඔබේ ආහාර වේලට එකතු විය යුත්තේ වයස් ගත වනවිට ඇතිවන ඔස්ටියෝපොරයිසිස් තත්වයෙන් වැලකීම සඳහායි. ඒ වගේම අධික ලුණු, සිනි, මේදය, කැලරි වලින් යුතු ආහාර වලින් වැලකෙන්නත් අපි මතක තියා ගන්නම ඕන දෙයක්.
පුංචි ව්‍යායාම කිහිපයක් ඔබේ නිරෝගිකම ඉතා ඉහලට ඔසවා තබනවා කියා ඔබ දන්නවාද ?අඩුම ගනනේ දිනකට විනාඩි 30ක් වත් ව්‍යායාම වල යෙදීමට කාලය සොයා ගන්න. දිනපතා අමාරුනම් සතියට දින පහක්වත් මේ සඳහා වෙන්කරගන්න. ඇවිදීම, පිහිනීම, නර්තනය, බයිසිකල් පැදීම, වගේ දේවලුත් ශරීරයට ඉතාමත් සුදුසුයි. මේ සියල්ලන්ගෙන්ම අන් හැමටම වඩා සතුටු වෙන්නේ ඔබේ හදවත.
දුම්බීමෙන් සහ දුම්බොන්නන් අසලින් ඉවත් වී සිටින්න. මත් ද්‍රව්‍ය ඔබව ඉක්මනින්ම රෝගී, අවලස්සන කාන්තාවක් බවට පත් කරන බැවින් සියලුම මත් ද්‍රව්‍ය වලින් ඉවත් වී සිටීමට පුරුදු වන්න.
දියණියක, මවක, මිත්තණියක, මේ කවරාකාරයේ පුද්ගලයෙකු වුවද , කාන්තාවක් ලෙස ඔබ නිතරම එදිනෙදා ජීවිතය ගෙවන විට විවිධාකාරයේ ආතතීන් රැසකට මුහුණ දෙනවා නිසැකයෙන්ම. මානසික සුවය ඔබගේ ශාරීරික සෞඛ්‍යට ඍජුවම බලපෑම් කරන නිසා මේ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුවෙනවා. භාවනාව හෝ ආතතිය අඩුකරගැනීමේ ක්‍රමවේද ගැන ඒ නිසා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. දවසේ වෙලාවක් මේ සඳහා වෙන්කර ගන්න.
හිරුගේ අහිතකර කිරණ පිළිකා සේම ඉතා ඉක්මනින් සම වියපත් කරවනවා. ඒ නිසා අවුවට යන සැම විටම හිරු ආලේපන භාවිතා කරන්න පුරුදු වෙන්න.
සෑම කාන්තාවක්ම අවුරුදු විස්සේ සිටම පියයුරු පිළිකා පිලිබඳ අවධානයෙන් සිටීම වැදගත්. ඔබ වයස අවුරුදු හතලිහ ඉක්මවූ කාන්තාවක්බනම් පියයුරු පිළිකා සඳහා වන පරීක්ෂාවන්ට අනිවාර්යයෙන්ම යොමු වන්න.
Healthy Living වෙබ් අඩවිය ඇසුරින්
-චම්මි-
Saru FM Media