ලස්සනට අඳින්න කැමති ඔබට අලුත්ම ඔසරි විලාසිතා.

0
12


ඔසරිය කියන්නේ ලංකාවේ තරුණියන්ටම අනන්‍ය වූ ඇඳුමක්. ඒ නිසාම සාරියට වඩා ඔසරිය තෝරා ගන්න බොහෝ වෙලාවට අපි පෙළඹෙනවා. ඔසරිය අඳිනකොට අපි සැලකිලිමත් වෙන්නම ඕනෑ කාරණා මොනවාද? මේ ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ

සාරි විලාසිතාවලට හරියන බොහොමයක් ජැකට් ඇත්තටම ඔසරියට ගැළපෙනවා. ඒ වගේම තමයි අපි වැඩිය උත්සාහ නොකළට ඕපන් ස්ලීව් ජැකට් එකත් ඔසරියට අපූරුයි. නෙට් රෙද්දෙන් කරපු ජැකට් විලාසිතාත් ඇත්තටම සාර්ථක විලාසිතාවක්.
ඔෆ් ෂෝල්ඩර් ජැකට්, ස්ලිව්ලස් ජැකට් වුණත් උත්සව අවස්ථාවකට එහෙම අපූරුවට ගැළපෙන ජැකට් විලාසිතා‍.

මේ ඡායාරූප ඒ ගැන නිවැරදි ම අයිඩියා එක ඔයාලට ලබා දේවි.

මෙය ඔබ තරමක් පිරිපුන් සිරුරක් සහිත කෙනෙක් නම් උත්සාහ කළ හැකි විලාසිතාවක්.

ඔබේ කෙට්ටු නමුත් උරහිස් පළල් නම් සහ ඔබ ස්ටයිලිෂ් විදියට අඳින්න කැමති නම් මේ විලාසිතාව උත්සාහකරලා බලන්න.

මේ විලාසිතාව උකුල පළල් සහ ඇඟපත පිරිපුන් අයට ඉතාම ගැළපෙනවා

මේ වගේ විලාසිතා සාමාන්‍ය ගමනකට වගේම උත්සව අවස්ථාවන්ටත් ඔබට ගලපා ගන්න පුලුවන්.

පුරාණයේ රදළ ස්ත්‍රීන් නිවසටත් ඔසරිය තමයි ඇන්දේ. ඇත්තටම ඔසරිය ඔවුන්ටම අනන්‍ය වූ ඇඳුමක් ව පැවතියා. දැන් කුල සංකල්ප සමාජයේ නැති නිසාම කුමාරිහාමිලාත් සාමාන්‍ය ඇඳුමින් සැරසෙනවා. හැබැයි ඔබ ඒ වගේ අඳින්න කැමති නම් අගස්ති මාල, පදක්කම්, හවඩි, කොණ්ඩ කූරු වැනි උඩරට ආභරණ එක්ක කොණ්ඩය මැදින් බෙදා පීරා හිස පසුපස ගෙඩියක් ලෙස බැඳ සාම්ප්‍රදායික ඔසරිය අඳින්න පුලුවන්. මේ විලාසිතාවත් සමහර උත්සව අවස්ථාවලට කදිමයි.

ඔබ සිරුරින් ටිකක් මහත කෙනෙක් නම් ඔබේ පෙනුමට හරිම ප්‍රෞඩ බවක් සාම්ප්‍රදායික ඔසරියෙන් ලැබේවි.

පළමුව සාරි පොට ප්ලීට්කර උස අනුව බිම ගෑවෙන නොගෑවෙන ප්‍රමාණයට උරහිසට තබා හැට්ටයට සම්බන්ධකර කටුවක් ගසන්න. පපුව කෙළින් පහළට සාරි බෝඩරය ගෙන ඉණෙන් පහළ සායට තබා රැල්ලෙන් රැල්ල තබමින් සායට අල්ලා කටු ගසන්න.

දැන් එය හොඳින් තදවෙන සේ ඉණ වටේ පටියක් බඳින්න. පටිය ගැට ගැසූ පසු බෝඩරය සහිත කොටස පිටුපසින් ඉණ වටේට ගෙන ඉදිරිපසට නෙරියේ රැලි තබමින් පිටුපසට ගන්න. උකුල ළඟින් අඟල් හයක් හෝ හතක් පමණ දිගටත් ඉන්පසු ක්‍රමයෙන් අඩුව යන ආකාරයටත් හැඩයට රැළි ටික සකසා ගන්න.

ඉන්පසුව ලුංගිය අඳින ආකාරයට ඔසරි පල්ලුව දකුණට එක ආකාරයට සකසා ගන්න. ඉදිරි පල්ලුව ඔසවා උකුළේ හැඩතල ඇතිවන සේ දකුණු කකුල ඉදිරියෙන් තබා දණහිසෙන් උඩ කොටසට කටුවක් ගසන්න. ඔසරිය පිටුපස කොටසත් පෑගුනහොත් ගැලවිය හැකි නිසා යටසායට අල්ලා කටුවක් ගසන්න. අනතුරුව, රැළි ටික හොඳින් සැකසීමෙන් ලස්සන නිමාවක් ඉස්මතුකර ගත හැකිය.

මේ කරුණු ඔබට ඔසරියක් හරියට අඳින්න හොඳින් උපකාරී වේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here