යතුරුපැදිකරු ඇතුළු වැලිගම සභාපති ඝාතනයට සැක 5 ක් අල්ලයි
කුලී ඝාතකයාට ලැබුණු කොන්ත්‍රාත් මුදලින් ලක්ෂ 12 කුත් සොයාගනී
ඝාතකයාගේ සිරුරේ පච්ච 2ක් කොටලා
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ කුලී ඝාතකයා සමග යතුරුපැදියේ පැමිණි සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වැලිගම පොලිසිය විසින් ඊයේ (26දා) කැකිරාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
පසුව පලාගිය වෙඩික්කරු මහරගමින් අල්ලා ගැනීමට පොලිසිට හැකිවිය.
මේ අතර මෙම ඝාතනය වෙනුවෙන් කුලී ඝාතකයන්ට ලැබුණු කොන්ත්‍රාත් මුදලින් කොටසක් වන රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් ද ඔවුන් සැඟවී සිටි කැකිරාව කඩ 50 ප්‍රදේශයේ නිවසේ සඟවා තිබී සොයාගෙන තිබේ.
ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමසේකර මහතාගේ අවමඟුල් කටයුතු සිදුවූ ඊයේ ඒ මහතාගේ දේහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෞරව දැක්වූ අයුරු.
මෙම ඝාතනය සිදුකළ තාරක නමැති කුලී මිනීමරුවා පොලිස් නිලධාරීන්ගෙන් බේරී ඔවුන් සමග පොරබදා පලාගොස් තිබේ.
එම පොරබැදීමේදී පොලිස් නිලධාරියකු ද තුවාල ලැබූ අතර ඔහු රෝහල්ගත කර තිබේ.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින කාන්තාව කුලී මිනිස් ඝාතකයා වන තාරක නමැත්තාගේ බිරිඳ බව හඳුනාගෙන ඇත. තාරක නමැති කුලී මිනීමරුවා අඩි 5 යි අඟල් 06 ක් උස පුද්ගලයකු වන අතර ඔහුගේ දකුණු අතේ බාහුවේ ඉහළ කොටසේ ANURADA යන නම පච්ච කොටා ඇත. වම් අත ඉහළ කොටසේ බාහුවේ ‘හිතුමතේ ජීවිත’ යන වැකිය පච්ච කොටා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
මේ අතර මෙම සැකකරුවන් සතුව තිබී යතුරුපැදියක්” මත්ද්‍රව්‍ය තොගයක්” ජංගම දුරකථන ඇතුළු තවත් භාණ්ඩ කීපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමෙන් පසු කුලී ඝාතකයන් දෙදෙනා FZ වර්ගයේ යතුරුපැදියකින් කිලෝමීටරයක් පමණ දුර ගමන් කර ඇති බව සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් වැලිගම පොලිසිය සොයාගෙන තිබිණි.
පසුව ඔවුන් දෙදෙනා යතුරුපැදි දෙකකට මාරුවී මාතර අකුරැස්ස පසු කර යක්කලමුල්ල ප්‍රදේශයට ගොස් තිබේ. පසුව අක්මීමන ප්‍රදේශයට පැමිණි ඔවුන් පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.
මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විමර්ශන කළ වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්’ පී’ සනත් කුමාර ඇතුළු නිලධාරීන් ප්‍රදේශය පුරා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ අතර මෙම ඝාතනය තාරක නමැති පුද්ගලයකු විසින් කළ බවට ලැබුණු තොරතුරක් මත වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔහු පදිංචි නිවස පරීක්ෂා කර තිබේ.
එහෙත් ඒ වනවිටත් තාරක සහ ඔහුගේ බිරිඳ අතුරුදන්ව ඇති බව අනාවරණය විය.
මෙම ඝාතනය සිදුකිරීමට පෙර කුලී ඝාතකයා සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ත්‍රිරෝද රථයක නැඟී ගාල්ල ප්‍රදේශයට ගොස් ඝාතනය සිදු කරන දින ඇඳගෙන යෑමට අවශ්‍ය සුදු අත්දිග කමිස” කලිසම්” ඩෙක්ෂූස් සපත්තු” හෙල්මට්” මුහුණු ආවරණ මිලදී ගෙන ඇති බව වැලිගම පොලිසිය විසින් හෙළි කරගත්තේය.
මේ අතර මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් උඩපැහැරගම ප්‍රදේශයේ නිවසක සිටින බවට හෙළිවූ තොරතුරු මත පොලිස් කණ්ඩායමක් 24 වැනිදා එහි ගොස් පරීක්ෂා කර ඇත.
පොලිසිය එම නිවසට යෑමට පෙර එහි නවාතැන් ගෙන සිට ඇති කුලී ඝාතකයා” ඔහුගේ බිරිඳ සහ යතුරුපැදිකරු එම නිවස අතහැර පලාගොස් තිබූ බව හෙළි විය.
මෙම සැකකරුවන් භාවිත කළ ජංගම දුරකථන අංක කීපයක් සොයාගත් පොලිසිය එම ජංගම දුරකථන ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනාගැනීමට ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී මෙම සැකකරුවන් අනුරාධපුර කැකිරාව කඩ 50 ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බව හෙළි කරගැනීමට හැකිවී ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ කැකිරාව පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඊයේ (26දා) අලුයම එම නිවස වටකර ඇත.
ඒ අවස්ථාවේ නිවසේ සිටි සැකකරුවන් කීප දෙනකු පලාගොස් ඇති අතර ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට පැමිණි යතුරුපැදිය පැදවූ ලහිරු නමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පොලිසිය සැක පහළ කරන්නේ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඝාතනය කළ තාරක නමැත්තා එම ස්ථානයේ සිට පලායන්නට ඇති බවයි.
තාරක නමැති සැකකරුගේ බිරිඳ ද එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මෙම සැකකරුවන්ට නවාතැන් ගැනීමට ආධාර උපකාර කළ පුද්ගලයකු ද එහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සඳහා ලබාගත් කොන්ත්‍රාත් මුදලින් කොටසක් වූ රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් ද එම නිවසේ තිබී සොයා ගැනීමට පොලිසිය සමත් විය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
මේ අතර ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සඳහා පැමිණි කුලී ඝාතකයන් රැගෙන ගාල්ල ප්‍රදේශයට ගොස් ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමට සහාය වූ ත්‍රිරෝද රථ රියැදුරු ද වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට” මාතර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ” පොලිස් අධිකාරි වසන්ත ලක්මිණි කුමාර” සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
හේමන්ත රන්දුණු – අනුරාධපුරය – පර්සි කුරුනේරු – කැකිරාව – සුදත් ඒකනායක – එප්පාවල – තිසර සමල්
Saru FM Media









