ලඳක් ලඳක් සොඳුරු ලඳක්

0
4

ලඳක් ලඳක් සොඳුරු ලඳක් – නිරෝගී නිය සහිත ලඳක්

විවිධ ආලේපයන් ගලවමින්,අලංකාර ලෙස දිගුව වවමින් ,විවිධ රටාවන් යොදමින් නිය හැඩ ගැන්වීමට අප හුරු වී සිටිනවා. එහෙත් මේ සියල්ල මැද නිය පොතු වල නිරෝගිතාවය පිළිබඳව අප සැළකිලිමත් වීම අනිවාර්යයෙන්ම අප කළ යුතු වෙනවා.

ඉතින් අපි බලමු නිය රෝගී වන්නේ කොහොමද කියලා …

නියපොතුවල හට ගන්නා වඩාත් සුලබම ආසාදනය වන්නේ දිලීර ආසාදනය වීම. නියපොතු වැඩි වෙලාවක් තෙත්ව ඇති අයට මේ ආසාදනය බහුලව දක්නට ලැබෙනවා. මෙහිදී නියපොතු දුර්වර්ණ වී ඉක්මනින් කැඩී යනවා.නියපොත්ත බොහෝ විට කළු හෝ කහ පැහැයක් ගන්නවා.මෙය සියලුම නියපොතු කරා පැතිර යා හැකියි. මෙහිදී ආසාදනයට ලක්වන්නේ නියපොත්ත පමණි.නිය වටා ඇති සම රෝගී නොවෙයි.

නිය රෝගී නම් …

මේ සඳහා ආහාර පාන ගැනීමේදී ප්‍රවේසම් විය යුතු නැහැ. රෝගී නිය සහ නිරෝගී නිය කැපීම සඳහා වෙන වෙනම නිය කපන තබා ගත යුතු වනවා. මේ රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන්නේ නැහැ. පාවහන් පළඳින විට ඉදිරිපස නිය තද නොවෙන ලෙස පාවහන් පැළඳීමට පුරුදු වීම වැදගත්. ජලය සමග නිතර වැඩ කරන්නේ නම් ජලය උරා නොගන්නා අත් ආවරණ පැළඳීම ඉතාමත්ම වැදගත් වනවා.

ප්‍රතිකාර

මේ සඳහා ආලේපන ප්‍රතිකාර තිබෙනවා. මතු පිටින් සුව බවක් පෙනුනද නියමිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නියමිත කාලය පුරාම ආලේප කිරීම ඉතා වැදගත් වනවා. සමහර ඖෂධ මුඛ මාර්ගයෙන් ලබා දෙනවා.

ඉතින් නිය වර්ණ ගැන්වීම ,අලංකාරය  මේ සියල්ලම කළ හැකි වන්නේ නිරෝගී නියපොතු වලට පමණයි.ඔබ අපේක්ෂා කරන සුන්දරත්වය ලැබෙන්නේ නිරෝගී නිය පෙලකින් පමණයි. එහෙම නේද ?

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here