මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අල්ලස් ලබා ගැනීමෙන් උපයා ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 4ක මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.
ඔවුන්ව අද (23) පස්වරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ජුනි 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියම කෙරී ඇත.
Saru FM Media