රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග කහතුඩුව අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවේදී තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදීය.
එම තරුණයන් තිදෙනා සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් විසිහතර දහද් එකසිය පහක් (24,105g) අයිස් මත්ද්‍රව්‍යය මිලිගෑම් දහනවදහස් නවසියයක් (19,900mg) ජාවාරමට යොදාගත් ඡංගම දුරකථන 04ක් සහ ප්‍රවාහනයට යොදාගත් කුඩා වෑන් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
පෙරේදා (10) දහවල් 12 සිට පස්වරු 03 දක්වා කහතුඩුව, කඩවතට වාහන ඇතුළුවන පිවිසුමේදී කහතුඩුව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු ඒකකයේ රාජකාරියේ නිතර නිලධාරීන් පිරිසක් සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේදී කඩවත දෙසට ඇතුළු වීම සඳහා පැමිණි කුඩා වෑන් රථයක සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත එය නවතා සිදුකළ පරික්ෂාවේදී සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
3
Saru News
















