ලංවිම ඈවර කිරීමේ පමාවෙන් සේවකයෝ 500කගේ රට හීන එක තැන නැවතිලා

0
8

ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම කල්යාම නිසා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇති සේවකයන් 2113 දෙනා අතුරෙන් පන්සීයකට ආසන්න පිරිසක් විදේශගත වීමට සැලසුම් කර තිබුණද එය ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් ඔවුහු දැඩි අසීරුතාවට පත්ව සිටිති.

මෙලෙස අසීරුතාවට පත්ව සිටින විදුලිබල මණ්ඩල සේවකයන් ලංකා විදුලිබල මණ්ඩලයේ පරිවර්තන කාර්ය සාධක බළකායේ ප්‍රධානී ඉංජිනේරු පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා වෙත සිය ගැටලු පිළිබඳ දැනුම් දී තිබේ. 

මෙම සේවකයන්ගේ ගැටලු ඉතා මානුෂීය බවත් සිය පවුල් සමග විදේශගත වීමට සැලසුම් කළ ඇතැම් සේවකයන්ගෙන් මේ වනවිට සැමියා හෝ බිරිඳ පමණක් දරුවන් සමග විදේශගතව සිටින අතර අනෙක් සහකරුට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුව ඇති බවත් ඒ පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා පවසා තිබේ. 

තවද එම සේකවයන් අතර ශල්‍යකර්ම සඳහා භාජනය වීමට සිටින සේවකයන්ද සිටින බවත් ඔවුන් බලා සිටින්නේ මෙයින් ලැබෙන වන්දි මුදල ඉක්මනින් ගෙන එම කටයුතු සිදුකිරීමට බවත් මණ්ඩලයේ පරිවර්තන කාර්ය සාධක බළකාය පෙන්වා දෙයි. 

මෙම සේවකයන්ට හිමි වන්දි මුදල් සහ ඔවුන්ගේ විශ්‍රාම යාම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නම් විදුලිබල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ප්‍රකාශයට පත්කළ යුතු වුවද එය සම්පූර්ණ වීමට මූලික කරුණු පහක් සපුරාගත යුතු බව මෙහිදී එම බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා කියා සිටී.

ඊට අදාළ කාර්යයන් පහෙන් හතරක් මේ වනවිට අවසන්ව ඇති නමුත් ජාතික විදුලිබල ප්‍රතිපත්තියේ වැඩකටයුතු අවසන් වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. එම කටයුතුද නිසි ලෙස අවසන් වූ පසුව නියමිත දිනය ප්‍රකාශයට පත්කිරීමට හැකියාව තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here